ඉන්දියාවට සහ සමස්ථ ගෝලීය අභ්‍යාවකාශ ගවේෂණ ක්ෂේත්‍රය සඳහා ඉකුත් අගෝස්තු 23 වැනිදා ඉතාම සුවිශේෂී දිනයක් බවට පත් විය.
ඊට ප්‍රධානතම හේතුව වූයේ ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයේ (ISRO) හී චන්ද්‍රයාන් 3 මෙහෙයුම ඉන්දීය වේලාවෙන් සවස 6:04ට සඳ මත සාර්ථික ගොඩබැස්වීමට සමත්වීමයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට සංගමය සහ චීනයට පසුව සාර්ථකව සඳ පෘෂ්ඨය මතට රොබෝ යාත්‍රාවක් සමඟ යානක් ගොඩ බැස්සවීමට සමත්වූ සිව්වන රට බවට ඉන්දියාව පත්විය.
කිසිඳු දෝෂයකි තොරව ඉතාම මෘදු ගොබෑමක් කිරීමට චන්ද්‍රයාන් 3 යානය මෙහිදී සමත්විය. එය සඳේ දක්ෂිණ ධ්‍රැව කලාපයට ගොඩබෑමට සමත් වූ පළමු අභ්‍යාවාකාශ යානය බවට පත්වීම අභ්‍යාවකාශ ඉතිහාසයේ සුවිශේෂී දිනයක් බවට පත් කිරීමට හේතුවිය.
මෙහිදී තවත් විශේෂයක් වූයේ ඉන්දියාව චන්ද්‍රයාන් 3 යැවීමත් සමඟම රුසියාව විසින්ද දශක පහකට පමණ පසුව සිය පළමු සඳ තරණ මෙහෙයුම දියත් කර තිබීමය. එහිදී රුසියාව සඳවෙත යවා තිබුණු ලූනා 25 අභ්‍යාවකාශ යානය සිය පාලනයෙන් ගිලිහී යාමෙන් සිය ගොඩබැස්වීම කිරීමට නොහැකිව චන්ද්‍ර පෘෂ්ඨයට කඩා වැටූණු අතර ඒත් සමඟ ඉන්දියාව සිය චන්ද්‍රයාන් 3 සාර්ථකව ගොඩ බෑමට සමත්වීම සුවිශේෂී ජයග්‍රහනයක් විය.
මෙම චන්ද්‍රයාන් 3 යානය සිය මෙහෙයුම් සඳහා සූර්ය පැනල මගින් බලගැන්වෙන අතර එහිදී පෘථිවි දින 14කට සමාන එක් චන්ද්‍ර දිනයකදී අවශ්‍ය බලය ලබා ගැනිමින් මෙහෙයුම් කිරීමට සැලසුම් කර ඇත. මෙම කාල රාමුව තුළ, චන්ද්‍ර දින අවසානයේදී අඳුරට ඇද වැටීමට පෙර, චන්ද්‍ර පෘෂ්ඨයේ ඛනිජ සංයුතිය පිළිබඳ වර්ණාවලීක්ෂ විශ්ලේෂණයක් ඇතුළුව අත්හදා බැලීම් මාලාවක් සිදු කිරීමටද සැලසුම් කර ඇත.
ඉන්දියාවේ චන්ද්‍රයාන් -3 හි සහ රුසියාවේ ලූනා-25 යන යානා දෙකෙහිම චන්ද්‍ර රෙගොලිත් සහ ක්ෂණික බාහිර ගෝලයෙ හි, හීලියම් 3 ඇතුළු ජලය සහ ඛනිජ අධ්‍යයනය කිරීම සඳහා නිර්මාණය කර ඇති උපකරණ තිබුණද, මේ දෙක අතර ප්‍රධාන වෙනස වූයේ රුසියානු යානය එක් පෘථිවි වර්ෂයක කාලකට පමණක් සිය මෙහෙයුම් කිරීම සඳහා සැලසුම් කර තිබීමයි.
ඒ අනුව ලූනා 25 හට එහි තාපය සහ විදුලි බලය සඳහා රේඩියෝ සමස්ථානික තාප උත්පාදක යන්ත්‍රයක් තිබූ අතර වික්‍රම් සහ ප්‍රග්‍යාන් හෙවත් චන්ද්‍රයාන්-3 රෝවර්ය හට සඳේ රාත්‍රී කාලයේදී නොනැසී පැවතීමට හැකියාවක් නොමැත.
කෙසේවෙතත් චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ ඉතා සාර්ථක අභ්‍යාවකාශ මෙහෙයුමක් සනිටුහන් කරයි. එය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබසින පළමු අභ්‍යවකාශ යානය බවට පත් වූ අතර එය ජල අයිස් සහ වටිනා ඛනිජ අඩංගු කලාපයකි. මෙම පුරෝගාමී ජයග්‍රහණයේ ඇඟවුම වැදගත් වන අතර, මෙම පරීක්ෂණවලින් ලබාගත් දත්ත සහ තීක්ෂ්ණ බුද්ධිය අනාගත චන්ද්‍ර මෙහෙයුම් සඳහා සහාය වන බැවින් මෙම සඳ තරණ මෙහෙයුම් නිසැකවම ගෝලීය අවධානය දිනා ගනු ඇත.
මේ අතර පෘථිවියෙන් ඔබ්බට යාත්‍රාවක් යැවීමේ ඉන්දියාවේ පළමු ප්‍රයත්නය ලෙස 2008 දී දියත් කරන ලද චන්ද්‍රයාන්-1 චන්ද්‍ර කක්ෂීය මෙහෙයුමක් වන අතර එය චන්ද්‍ර පෘෂ්ඨයේ ජලය අනාවරණය කරගත් ප්‍රථමයා ද වීම සැලකිය යුතු කරුණකි.
එය එක්සත් ජනපදයේ සහ චීන අභ්‍යවකාශයේ සැලසුම්වලට දැඩි ලෙස බලපෑ සොයා ගැනීමක් විදිහට නම් කිරීමට හැකියාව පවතී. චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය එක්සත් ජනපදයේ ආටෙමිස් 3 මෙහෙයුම සඳහා ගොඩබෑමේ ස්ථානය බවටද පත්ව තිබේ. මෙම කලාපයේ සෙවන සහිත ආවාටවල විවිධ අරමුණු සඳහා යොදා ගත හැකි ජල අයිස් සැලකිය යුතු තැන්පතු අඩංගු විය හැකි බවට විද්‍යාඥයන් බොහෝ කලක සිට අනුමාන කර ඇත. ඒ අනුව චන්ද්‍රයාන්-1 හි සොයාගැනීම් මෙම න්‍යායන් සඳහා සැලකිය යුතු සහයෝගයක් ලබා දුන්නේය.
නොපසුබට කැපවීම
ඇත්තටම බයිසිකලයක සහ ගොන් කරත්තවල රොකට් කොටස් ප්‍රවාහනය කිරීමේ සිට චන්ද්‍රයාන්-3 මෙහෙයුම දක්වා ඉන්දීය අභ්‍යවාකාශ පර්යෝෂණ ආයතනය වර්ධණය වූ ආකාරය එක්තරකා ආකාරයකින් චිත්‍රපටයක පිටපතක් සමාන බවටද සඳහන් කළ හැකිය.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජූලි 14 දින චන්ද්‍රයන් 3 රැගත් රොකට්ටුව දියත් කිරීමෙන් අනතුරුව ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, “චන්ද්‍රයාන්-3 ඉන්දියාවේ අභ්‍යවකාශ ඔඩිසියේ නව පරිච්ඡේදයක් තිරගත කරයි… එය සෑම ඉන්දියානුවෙකුගේම සිහින සහ අභිලාෂයන් ඉහළ නංවමින් ඉහළට නැඟේ. මෙම සුවිශේෂී ජයග්‍රහණය අපගේ විද්‍යාඥයින්ගේ නොපසුබස්නා කැපවීම පිළිබඳ සාක්ෂියකි.“ යනුවෙනි.
Chandrayaan-3 scripts a new chapter in India's space odyssey. It soars high, elevating the dreams and ambitions of every Indian. This momentous achievement is a testament to our scientists' relentless dedication. I salute their spirit and ingenuity! https://t.co/gko6fnOUaK
— Narendra Modi (@narendramodi) July 14, 2023
සත්‍ය වශයෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය ඉතා අර්ථාන්විතය. ඊට හේතුව වන්නේ ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ අයාතනයේ ඉතිහාසය, සිය ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ සහයෝගීතාවය මගින් ඉතා අලංකාර වී තිබීමයි. 1969 දී පිහිටුවන ලද, ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ අයාතනයේ 1988 සිට ශක්තිමත් දුරස්ථ සංවේදන වැඩසටහනක් පවත්වා ගෙන යන අතර, උපකරණ පරාසයක් හරහා විවිධ අවකාශීය, වර්ණාවලි සහ තාවකාලික විභේදනවලින් වටිනා පෘථිවි නිරීක්ෂණ දත්ත ඉදිරිපත් කරයි. 1999 දී එක්සත් ජනපදය පදනම් කරගත් DigitalGlobe හි Ikonos චන්ද්‍රිකාව දියත් කරන තෙක් ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ අයාතනයේ PAN කැමරා (IRS-1C යානයේ) ලෝකයේ ඉහළම ගුණාත්මක භාවයකින් යුත් සිවිල් කැමරා වූ බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.
ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ අයාතනයේ විසින් තමන්ගේම අභ්‍යවකාශ යානා 124ක් අභ්‍යවකාශ ගත කර ඇති අතර, ඒවා තුනක් සඳට සහ එකක් අඟහරු වෙත යවා ඇත. එමෙන්ම වෙනත් රටවලින් චන්ද්‍රිකා 424ක් අභ්‍යවකාශගත කිරීමටද පහසුකම් සලසා ඇත.
චන්ද්‍රයාන් මෙහෙයුවේ කතාව
ඉන්දීය අභ්‍යාවකාෂ පර්යේෂණ ආයතනය විසින් චන්ද්‍රයාන්-1 යානය කක්ෂ ගත කර වසර නවයකට පසු 2019 වර්ෂයේ ජුලි මාසයේදී සිය චන්ද්‍රයාන්-2 මෙහෙයුම දියත් කළ නමුත් එය සාර්ථක වූයේ නැත. යානය නියමිත පරිදි චන්ද්‍රයාගේ කක්ෂයට ළඟා වූ අතර, ලෑන්ඩරය සහ රෝවරය දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට ගොඩබෑමට නියමිතව තිබිණි. එහෙත් ඉන්දීය විද්‍යඥයින් අපේක්ෂා කළ ගමන් පථයෙන් බැහැරව යානය ගමන් ගත් අතර පසුව යානය චන්ද්‍රයා මතට කඩා වැටුණි. මෙම කඩා වැටීම සම්බන්ධනේ ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කර සිටියේ යානයේ පැවති මෘදුකාංග දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවය.
ඒ අනුව චන්ද්‍රයාන් 3 වුයේ මීට පෙර යොදා ගත් චන්ද්‍රයාන් 2 වන අතර එහි වූ විශේෂත්වය වන්නේ චන්ද්‍රයාන් 2හි ඇති වූ මෘදුකාංග ගැටලුව නිවැරදි කළ සිය පෙර අතපසුවීම යලි නිවැරදි කරගැනීමකි.
මේ අතර චන්ද්‍රයාන් 3 හි සාර්ථකත්වය සඳ මත තිරසාර මිනිස් පැවැත්මක් ස්ථාපිත කිරීමේ ඉන්දියාවේ අභිලාෂයන් සඳහා විශාල වශයෙන් වැදගත් වනු ඇත. එහිදී ජාත්‍යන්තර ගිවිසුම් ප්‍රකාරව ඉන්දියාවට සිය චන්ද්‍රයාන් 3 යානය ගොඩබැස්වීම කළ ප්‍රදේශයේ කැනීම් කටයුතු කිරීමටද අවසර හිමිවනු ඇත.
ඒ අනුව ඉන්දීය අභ්‍යාවකාශ ගමන්නේ සුන්දර සන්ධිස්ථානය මෙන්ම ලොව ඉදිරියට ගෙනයාමට සමත් විද්‍යාත්මක පර්යේෂණ රැසකටද චන්ද්‍රයාන් 3 විශාල වශයෙන් පිටුවහල් වනු ඇති බව නිසැකය