බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක ඉතිහාසට නව පිටුවක් එක් කළ චන්ද්‍රයාන් 3…

by editor
අගෝස්තු 29, 2023 - Updated on සැප්තැම්බර් 3, 2023
in පුවත්
chandrayaan
Share on FacebookShare on Twitter

ඉන්දියාවට සහ සමස්ථ ගෝලීය අභ්‍යාවකාශ ගවේෂණ ක්ෂේත්‍රය සඳහා ඉකුත් අගෝස්තු 23 වැනිදා ඉතාම සුවිශේෂී දිනයක් බවට පත් විය.

ඊට ප්‍රධානතම හේතුව වූයේ ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයේ (ISRO) හී චන්ද්‍රයාන් 3 මෙහෙයුම ඉන්දීය වේලාවෙන් සවස 6:04ට සඳ මත සාර්ථික ගොඩබැස්වීමට සමත්වීමයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට සංගමය සහ චීනයට පසුව සාර්ථකව සඳ පෘෂ්ඨය මතට රොබෝ යාත්‍රාවක් සමඟ යානක් ගොඩ බැස්සවීමට සමත්වූ සිව්වන රට බවට ඉන්දියාව පත්විය.

කිසිඳු දෝෂයකි තොරව ඉතාම මෘදු ගොබෑමක් කිරීමට චන්ද්‍රයාන් 3 යානය මෙහිදී සමත්විය. එය සඳේ දක්ෂිණ ධ්‍රැව කලාපයට ගොඩබෑමට සමත් වූ පළමු අභ්‍යාවාකාශ යානය බවට පත්වීම අභ්‍යාවකාශ ඉතිහාසයේ සුවිශේෂී දිනයක් බවට පත් කිරීමට හේතුවිය.

වික්‍රම් සහ ප්‍රග්‍යාන් රෝවර සඳ මත…

මෙහිදී තවත් විශේෂයක් වූයේ ඉන්දියාව චන්ද්‍රයාන් 3 යැවීමත් සමඟම රුසියාව විසින්ද දශක පහකට පමණ පසුව සිය පළමු සඳ තරණ මෙහෙයුම දියත් කර තිබීමය. එහිදී රුසියාව සඳවෙත යවා තිබුණු ලූනා 25 අභ්‍යාවකාශ යානය සිය පාලනයෙන් ගිලිහී යාමෙන් සිය ගොඩබැස්වීම කිරීමට නොහැකිව චන්ද්‍ර පෘෂ්ඨයට කඩා වැටූණු අතර ඒත් සමඟ ඉන්දියාව සිය චන්ද්‍රයාන් 3 සාර්ථකව ගොඩ බෑමට සමත්වීම සුවිශේෂී ජයග්‍රහනයක් විය.

මෙම චන්ද්‍රයාන් 3 යානය සිය මෙහෙයුම් සඳහා සූර්ය පැනල මගින් බලගැන්වෙන අතර එහිදී පෘථිවි දින 14කට සමාන එක් චන්ද්‍ර දිනයකදී අවශ්‍ය බලය ලබා ගැනිමින් මෙහෙයුම් කිරීමට සැලසුම් කර ඇත.  මෙම කාල රාමුව තුළ, චන්ද්‍ර දින අවසානයේදී අඳුරට ඇද වැටීමට පෙර, චන්ද්‍ර පෘෂ්ඨයේ ඛනිජ සංයුතිය පිළිබඳ වර්ණාවලීක්ෂ විශ්ලේෂණයක් ඇතුළුව අත්හදා බැලීම් මාලාවක් සිදු කිරීමටද සැලසුම් කර ඇත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඉන්දියාවේ චන්ද්‍රයාන් -3 හි සහ රුසියාවේ ලූනා-25 යන යානා දෙකෙහිම චන්ද්‍ර රෙගොලිත් සහ ක්ෂණික බාහිර ගෝලයෙ හි, හීලියම් 3 ඇතුළු ජලය සහ ඛනිජ අධ්‍යයනය කිරීම සඳහා නිර්මාණය කර ඇති උපකරණ තිබුණද, මේ දෙක අතර ප්‍රධාන වෙනස වූයේ රුසියානු යානය එක් පෘථිවි වර්ෂයක කාලකට පමණක් සිය මෙහෙයුම් කිරීම සඳහා සැලසුම් කර තිබීමයි.
ඒ අනුව ලූනා 25 හට එහි තාපය සහ විදුලි බලය සඳහා රේඩියෝ සමස්ථානික තාප උත්පාදක යන්ත්‍රයක් තිබූ අතර වික්‍රම් සහ ප්‍රග්‍යාන් හෙවත් චන්ද්‍රයාන්-3 රෝවර්ය හට සඳේ රාත්‍රී කාලයේදී නොනැසී පැවතීමට හැකියාවක් නොමැත.

කෙසේවෙතත් චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ ඉතා සාර්ථක අභ්‍යාවකාශ මෙහෙයුමක් සනිටුහන් කරයි. එය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබසින පළමු අභ්‍යවකාශ යානය බවට පත් වූ අතර එය ජල අයිස් සහ වටිනා ඛනිජ අඩංගු කලාපයකි. මෙම පුරෝගාමී ජයග්‍රහණයේ ඇඟවුම වැදගත් වන අතර, මෙම පරීක්ෂණවලින් ලබාගත් දත්ත සහ තීක්ෂ්ණ බුද්ධිය අනාගත චන්ද්‍ර මෙහෙයුම් සඳහා සහාය වන බැවින් මෙම සඳ තරණ මෙහෙයුම් නිසැකවම ගෝලීය අවධානය දිනා ගනු ඇත.

මේ අතර පෘථිවියෙන් ඔබ්බට යාත්‍රාවක් යැවීමේ ඉන්දියාවේ පළමු ප්‍රයත්නය ලෙස 2008 දී දියත් කරන ලද චන්ද්‍රයාන්-1 චන්ද්‍ර කක්ෂීය මෙහෙයුමක් වන අතර එය චන්ද්‍ර පෘෂ්ඨයේ ජලය අනාවරණය කරගත් ප්‍රථමයා ද වීම සැලකිය යුතු කරුණකි.
එය එක්සත් ජනපදයේ සහ චීන අභ්‍යවකාශයේ සැලසුම්වලට දැඩි ලෙස බලපෑ සොයා ගැනීමක් විදිහට නම් කිරීමට හැකියාව පවතී. චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය එක්සත් ජනපදයේ ආටෙමිස් 3 මෙහෙයුම සඳහා ගොඩබෑමේ ස්ථානය බවටද පත්ව තිබේ. මෙම කලාපයේ සෙවන සහිත ආවාටවල විවිධ අරමුණු සඳහා යොදා ගත හැකි ජල අයිස් සැලකිය යුතු තැන්පතු අඩංගු විය හැකි බවට විද්‍යාඥයන් බොහෝ කලක සිට අනුමාන කර ඇත. ඒ අනුව චන්ද්‍රයාන්-1 හි සොයාගැනීම් මෙම න්‍යායන් සඳහා සැලකිය යුතු සහයෝගයක් ලබා දුන්නේය.

දිරඝ චන්ද්‍ර රාත්‍රියේ නිද්‍රාවට පත්වි සිටින ප්‍රග්‍යාන් රෝවරය…

නොපසුබට කැපවීම

ඇත්තටම බයිසිකලයක සහ ගොන් කරත්තවල රොකට් කොටස් ප්‍රවාහනය කිරීමේ සිට චන්ද්‍රයාන්-3 මෙහෙයුම දක්වා ඉන්දීය අභ්‍යවාකාශ පර්යෝෂණ ආයතනය වර්ධණය වූ ආකාරය එක්තරකා ආකාරයකින් චිත්‍රපටයක පිටපතක් සමාන බවටද සඳහන් කළ හැකිය.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජූලි 14 දින චන්ද්‍රයන් 3 රැගත් රොකට්ටුව දියත් කිරීමෙන් අනතුරුව ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, “චන්ද්‍රයාන්-3 ඉන්දියාවේ අභ්‍යවකාශ ඔඩිසියේ නව පරිච්ඡේදයක් තිරගත කරයි… එය සෑම ඉන්දියානුවෙකුගේම සිහින සහ අභිලාෂයන් ඉහළ නංවමින් ඉහළට නැඟේ. මෙම සුවිශේෂී ජයග්‍රහණය අපගේ විද්‍යාඥයින්ගේ නොපසුබස්නා කැපවීම පිළිබඳ සාක්ෂියකි.“ යනුවෙනි.

Chandrayaan-3 scripts a new chapter in India's space odyssey. It soars high, elevating the dreams and ambitions of every Indian. This momentous achievement is a testament to our scientists' relentless dedication. I salute their spirit and ingenuity! https://t.co/gko6fnOUaK

— Narendra Modi (@narendramodi) July 14, 2023

සත්‍ය වශයෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය ඉතා අර්ථාන්විතය. ඊට හේතුව වන්නේ ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ අයාතනයේ ඉතිහාසය, සිය ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ සහයෝගීතාවය මගින් ඉතා අලංකාර වී තිබීමයි. 1969 දී පිහිටුවන ලද, ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ අයාතනයේ 1988 සිට ශක්තිමත් දුරස්ථ සංවේදන වැඩසටහනක් පවත්වා ගෙන යන අතර, උපකරණ පරාසයක් හරහා විවිධ අවකාශීය, වර්ණාවලි සහ තාවකාලික විභේදනවලින් වටිනා පෘථිවි නිරීක්ෂණ දත්ත ඉදිරිපත් කරයි. 1999 දී එක්සත් ජනපදය පදනම් කරගත් DigitalGlobe හි Ikonos චන්ද්‍රිකාව දියත් කරන තෙක් ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ අයාතනයේ PAN කැමරා (IRS-1C යානයේ) ලෝකයේ ඉහළම ගුණාත්මක භාවයකින් යුත් සිවිල් කැමරා වූ බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.

ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ අයාතනයේ විසින් තමන්ගේම අභ්‍යවකාශ යානා 124ක් අභ්‍යවකාශ ගත කර ඇති අතර, ඒවා තුනක් සඳට සහ එකක් අඟහරු වෙත යවා ඇත. එමෙන්ම වෙනත් රටවලින් චන්ද්‍රිකා 424ක් අභ්‍යවකාශගත කිරීමටද පහසුකම් සලසා ඇත.

Chandrayaan
ජූලි 14 …. සඳගමනට ඇරඹීමට මොහොතකට පෙර…

චන්ද්‍රයාන් මෙහෙයුවේ කතාව

ඉන්දීය අභ්‍යාවකාෂ පර්යේෂණ ආයතනය විසින් චන්ද්‍රයාන්-1 යානය කක්ෂ ගත කර වසර නවයකට පසු 2019 වර්ෂයේ ජුලි මාසයේදී සිය චන්ද්‍රයාන්-2 මෙහෙයුම දියත් කළ නමුත් එය සාර්ථක වූයේ නැත. යානය නියමිත පරිදි චන්ද්‍රයාගේ කක්ෂයට ළඟා වූ අතර, ලෑන්ඩරය සහ රෝවරය දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට ගොඩබෑමට නියමිතව තිබිණි. එහෙත් ඉන්දීය විද්‍යඥයින් අපේක්ෂා කළ ගමන් පථයෙන් බැහැරව යානය ගමන් ගත් අතර පසුව යානය චන්ද්‍රයා මතට කඩා වැටුණි. මෙම කඩා වැටීම සම්බන්ධනේ ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කර සිටියේ යානයේ පැවති මෘදුකාංග දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවය.

ඒ අනුව චන්ද්‍රයාන් 3 වුයේ මීට පෙර යොදා ගත් චන්ද්‍රයාන් 2 වන අතර එහි වූ විශේෂත්වය වන්නේ චන්ද්‍රයාන් 2හි ඇති වූ මෘදුකාංග ගැටලුව නිවැරදි කළ සිය පෙර අතපසුවීම යලි නිවැරදි කරගැනීමකි.

මේ අතර චන්ද්‍රයාන් 3 හි සාර්ථකත්වය සඳ මත තිරසාර මිනිස් පැවැත්මක් ස්ථාපිත කිරීමේ ඉන්දියාවේ අභිලාෂයන් සඳහා විශාල වශයෙන් වැදගත් වනු ඇත. එහිදී ජාත්‍යන්තර ගිවිසුම් ප්‍රකාරව ඉන්දියාවට සිය චන්ද්‍රයාන් 3 යානය ගොඩබැස්වීම කළ ප්‍රදේශයේ කැනීම් කටයුතු කිරීමටද අවසර හිමිවනු ඇත.

ඒ අනුව ඉන්දීය අභ්‍යාවකාශ ගමන්නේ සුන්දර සන්ධිස්ථානය මෙන්ම ලොව ඉදිරියට ගෙනයාමට සමත් විද්‍යාත්මක පර්යේෂණ රැසකටද චන්ද්‍රයාන් 3 විශාල වශයෙන් පිටුවහල් වනු ඇති බව නිසැකය

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ක්‍රියාශීලීව එක් වන්න… කතෝලික රදගුරු සම්මේලනය සියලුම කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලයි!

Next Post

නියඟය නිමයි… මහ වැසි වසී… අවසන් රන්දෝලි පෙරහර හෙටයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.