කීර්ති ප්‍රනාන්දු –
කටමැත දෙඩීම සහ දේශපාලන නාටක පසෙක ලා ජනතාව මුහුණ දී ඇති දුක්ඛිත තත්ත්වය බැරෑරුම් ලෙස සලකා බලන ලෙස බලධාරීන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකා කතෝලික රද ගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණයෙන් ඉල්ලා සිටී.
රදගුරු සම්මේලනය සමාජයේ සියලුම කතෝලික ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ දරා ගත නොහැකි මේ ආර්ථික දරිද්‍රතාවය, මූලික මානුෂික අවශ්‍යතා සම්පූර්ණ කරගත නොහැකි අසරණකම, නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ඇති ආකාරය, එම අගාධයෙන් ගොඩ ඒම සඳහා නිසි දැක්මක් නොමැති මේ දේශපාලනයේ ස්වරූපය කල් පනා කර සමාජ පරිවර්තනයක් වෙනුවෙන් යාඥා කරන ලෙසත් එය මුල් කරගෙන ක්‍රියාශීලීව කටයුතු කරන ලෙසත් ය. .
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මගින් දේශපාලනික ජීවිතයට ජනතාවගේ සහභාගීත්වය සහතික කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ දැක්වේ
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ පූර්ණ නිවේදනය පහත දැක්වේ.