ලෝක ආර්ථික සංසදය (World Economic Forum) විසින් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් තරුණ ගෝලීය නායකයකු (Young Global Leader: YGL) වශයෙන් තෝරාගෙන තිබෙන බව, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙසේ අමාත්‍යවරයකු තරුණ ගෝලීය නායකයකු (YGL) වශයෙන් පිළිගැනීමට ලක්වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට බවද එම අමාත්‍යාංශය කියයි.
පසුගිය වර්ෂයේ අමාත්‍යවරයකු බවට පත්වූ ජීවන් තොණ්ඩමන් ඉතිහාසයේ පටන් ආන්තීකරණයට ලක් වූ ජන ප්‍රජාවන්ගේ ජීවන තත්ත්ව වැඩිදියුණු කිරීම, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට ආරක්ෂිත සහ දැරිය හැකි පානීය ජල පරිභෝජනය සඳහා වූ ප්‍රවේශය සහතික කිරීම සඳහා ජල සම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට නායකත්වය ලබා දීම අරමුණු කරගත් මුලපිරීම් කිහිපයකට දායක වීම මෙම ගෝලීය පිළිගැනීමට හේතු වි ඇතැයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.
තරුණ ගෝලීය නායක (YGL) ප්‍රජාව යනු ගෝලීය වශයෙන් අනාගතය හැඩගැස්වීම සඳහා කැපවීමක් දරන සුවිශේෂී නායකයන් 1,000 කට අධික සංඛ්‍යාවකින් යුත් බහු-පාර්ශවික ප්‍රජාවකි.