රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු බිංදු වශයෙන් භාවිත කරන දියර ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගියෙකු තම ඇස්වලට වු හානියත්, තවත් රෝගීන් 08 දෙනෙකුගේ ඇස්වලට සහ ජීවිතවලට ඇති වූ තර්ජනයත් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.
වින්දිතයෙක් වු ලක්වූ කඳපොළ පදිංචි මක්කාරි රාජරත්නම් ඉන්වික්ටස් නීතිඥ සමාගම හරහා කෙහෙළිය රඹුක්වැල්ල, ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න. වෛද්‍ය විජිත් ගුනසේකර , වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න සහ යක්කල චමී කෙමිස්ට් (පුද්ගලික) සමාගමට එරෙහිව මෙම එන්තරවාසිය යොමු කර ඇත.
මුදල් නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවා තිබේ.
ඉන්වික්ටස් නීතිඥ සමාගම ප්‍රකාශ කළේ තම සේවාදායකයා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර 2023 අප්‍රේල් 05 වන දින නුවරඑළිය මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කළ බවයි.
නුවරඑළිය රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් තම සේවාදායකයා 2023 අප්‍රේල් 06 වැනි දින අක්ෂි ශල්‍යකර්මයට භාජනය කළ බවත්. ශල්‍යකර්මයෙන් පසු නිදහස් කළ සිය සේවාදායකයාට Indiana Opthalmics LLP India විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් අක්ෂි බිංදු භාවිතා කරන ලෙස නිර්දේශ කර ප්‍රකෘතිමත් වීමේ සහ රැකවරණයෙන් පසු කොටසක් ලෙස රෝහල විසින් එම ඖෂධය ලබා දී ඇති බවත් නීති සමාගම ප්‍රකාශ කළේය.
එම අක්ෂි බිංදු කිහිපයක් යෙදීමෙන් පසු තම සේවාදායකයාට 2023 අප්‍රේල් 19 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කඳුළු ගැලීම, අපහසුතාව, වේදනාව සහ හිසරදය ඇති වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
අනතුරුව 2023 මැයි මස 10 වැනිදා ජාතික අක්ෂි රෝහලට ඇතුලත් කර සිදුකළ වැඩිදුර වෛද්‍ය පරීක්‍ෂණයකින් අනතුරුව හෙළි වූයේ සැත්කමෙන් පසු කළ ප්‍රතිකාර සඳහා එම ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් භාවිතා කිරීමෙන් ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩුවෙමින් යන බවය. එම තත්ත්වය වින්දිතයා ද නිරීක්ෂණය කර තිබුණ බව නීතිඥ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
එම අක්ෂි බිංදු ප්‍රමිතියෙන් තොර බවත් එම ඖෂධය භාවිත කළ රෝගීන්ට එන්ඩොෆ්තැනයිටිස් රෝගය වැළඳී ඇති බවත් එහි වැඩිදුරටත් වෛද්‍ය නිර්දේශ වී යැයි පෙත්සම් කරු ප්‍රකාශ කර ඇත.
“මෙම ඉල්ලුමේ දිනය වන විට, අපගේ සේවාදායකයා සැත්කම් කර ප්‍රතිකාර කිරීම සඳහා නිර්දේශ කළ එම ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් අක්ෂි දියර භාවිතා කිරීමෙන් ඇස සම්පූර්ණයෙන්ම අන්ධව සිටින බව ප්‍රකාශ කරන ලෙස අපට උපදෙස් දීලා තියනවා…” නීතිඥ සමාගම පවසයි.
“, මෙම අන්ධභාවය හේතුවෙන් අපගේ සේවාදායකයා ඔහුගේ එදිනෙදා ජීවිතයේදී වැඩකටයුතු වලදී බොහෝ දුෂ්කරතා සහ අපහසුතාවලට මුහුණ දෙන බව අප ප්‍රකාශ කරමු. 2023.04.05 දින ශල්‍යකර්මයට පෙර අපගේ සේවාදායකය රුපියල් හැත්තෑ දහසක මාසික ආදායමක් ඉපැයූ ගොවියෙකි. මේ වනවිට ඔහුගේ අන්ධභාවය සහ ආබාධිත භාවය නිසා ඔහුට ඔහුගේ එදිනෙදා කටයුතුවල යෙදිමට නොහැකි වී ඇත.”
ඉන්වික්ටස් නිතී සමාගම වැඩිදුරටත් දන්වා ඇත.