මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමිපුරුෂයා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඊයේ (04) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත ඔවුන් අද (05) දහවල් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දමිතා අබේරත්නට සහ ඇයගේ ස්වාමි පුරුෂයාට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් අත් අඩංගුවට ගනු ලැබුවේය.