වසර 2021 දක්වා වූ දශකය තුළ ලෝකයේ ලොකුම හරිතාගාර වායු විමෝචකා බවට චීනය පත්ව ඇති බව එරට සංඛ්‍යාෙල්කණ අදිකාරිය උපුටා දක්වන රොයිටර් පවත් සේවය පවසයි. කොවිඩ් වසංගතයෙන් පසු බලශක්ති පරිභෝජනය සහ ගල් අඟුරු භාවිතයේ විශාලතම වැඩිවීමක් වාර්තා කළ චීනය, පසුගිය වසරට සාපේක්ෂව ගල් අඟුරු ටොන් බිලියන 5.24ක් භාවිතා කර ඇති අතර එය 2020 ට වඩා 5.2% කින් වැඩි වීමක් බවත් චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය (NBS) පවසයි.
නිල දත්ත මත පදනම්ව රොයිටර් වාර්තා පවසන්නේ 2011 සිට ඉහළම වර්ධන වේගය එය බවය.
ඉහළ බලශක්ති පරිභෝජන කර්මාන්තවල ඉදිකිරීම් සීමා කිරීමට රජය ප්‍රතිඥා දී ඇති අතර, ඉහළ යන ෆොසිල ඉන්ධන භාවිතය කාබන් විමෝචනය කපා හැරීමේ සැලසුම් වළක්වාලීමත් සමඟ බලශක්ති ඉතිරිකිරීම් සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සමාගම්වලින් ඉල්ලා තිබේ.
2030 වන විට රටේ කාබන් විමෝචනය උපරිම මට්ටමකට ගෙන එන බව මේ වනවිට පවසා ඇති චීන ජනධිපති ෂී ජින්පින් 2060 වන විට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීමට ලෝකය හමුවේ ප්‍රතිඥා දී ඇත. කෙසේ වෙතත්, ඔහු සම්පූර්ණ බලශක්ති භාවිතය හෝ කාබන් විමෝචන මට්ටම් සීමා කරන ආකාරය පිළිබඳව සඳහන් කර නැත. .
වෙළඳපල සැපයුම සහතික කිරීම සඳහා මෙහෙයුම් උපරිම කරන ලෙස චීන රජය ගල් අඟුරු පතල්කරුවන්ට නියෝග කර ඇති අතර, පසුගිය සතියේ ප්‍රකාශ කළේ දෛනික ගල් අඟුරු නිෂ්පාදනය 2021 අග භාගයේ මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි.
“බලශක්ති ආරක්‍ෂාව අවම වශයෙන් චීනය සඳහා කෙටි හා මධ්‍ය කාලීනව decarbonisation අභිලාෂයන් ඉහළ නංවන අතර රටේ ගල් අඟුරු ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි අපි අපේක්ෂා කරමු,” රිස්ටාඩ් එනර්ජි හි බලශක්ති විශ්ලේෂකයකු වන ජස්ටින් රෝස් පැවසීය.
ආර්ථිකය වර්ධනය කිරීමේදී කාබන් විමෝචනය කරන ප්‍රමාණය මැන බලන බලශක්ති තීව්‍රතාවය සහ කාබන් තීව්‍රතාවය සඳහා වන ඉලක්ක සෙනසුරාදා පාර්ලිමේන්තුවේ වාර්ෂික රැස්වීමකදී චීනය හෙළි කිරීමට නියමිත බවද රොයිටර් වාර්තා කර තිබුණි.







