ඇෆ්ගනිස්තානය පෙළන දැඩි විරැකියා අර්බුදය හේතුවෙන් දිනකට තුන්දහසක් පමණ දෙනා රැකියා සොයමින් ඉරානය බලා ගමන් කරන බව එරට වාර්තා සඳහන් කරයි. හෙරට් සහ නිම්රොදස් යන පුදේශවල රජයේ නිලධාරීන්ගේ වාර්තා අනුව ඇෆ්ගන් මාධ්‍ය මෙය වාර්තා කොට තිබේ.
දිනකට තුන්දහසක් යනු නීත්‍යනුකූලව ගමන් කරන පිරිස වන අතර මීට අමතරව දේශ සීමා හරහා නීති විරෝධීව ගමන් කරන පිරිසද සැලකීමේදී මෙය මීට වඩා වැඩි විය හැකි බව ඇෆ්ගන් ටෝලෝ පුවත් ඒජන්සිය වාර්තා කරයි.
ඔවුන්ට අනුව නීත්‍යනුකූලව රට හැර ඉරානය බලා ගමන් කරන පුද්ගලයන් තමන් දැඩි කුසගින්න දරිද්‍රතාව සහ රැකියාවක් නොමැතිකම නිසා මෙලෙස රටින් පිටවන බල බලධාරීන් වෙත සඳහන් කර තිබේ. මොවුන්ගෙන් බහුතරයක් ඉරානයේ ටෙහ්රාන් වෙත ගමන් කරන බව වාර්තා වේ.







