අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයේ පළමුවෙනි කෝටිපතියා යටතේ  ට්විටර්  අවුල් වෙන හැටි!

by editor
නොවැම්බර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

ට්විටර් ආයතනයේ කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමනබව සේවකයන්ට දැනුම් දී තිබේ.

BBC දුටු නිවේදනයකට අනුව, එම ආයතනය සේවකයින්ට පවසා ඇත්තේ නොවැම්බර් 21 වන සඳුදා කාර්යාල නැවත විවෘත කරන බව යි.

ඔවුන් මෙම පියවර ගැනීමට හේතුවක් දක්වා නැත.

නව හිමිකරු ඊලොන් මස්ක් විසින් “ඉහළ ඵලදායීතාවයකින් යුත් වැඩි රැකියා පැය ගණනක්” සඳහා සූදානම්වන ලෙස හෝ ඉවත්ව යන ලෙස ඉල්ලා සිටීමෙන් පසු විශාල සේවක පිරිසක් ඉවත්ව යනබවට වන වාර්තා මධ්‍යයේ මෙම නිවේදනය නිකුත්විය.

ට්විටර් කාර්ය මණ්ඩලය වෙත යැවූ පණිවිඩය

පණිවිඩයේ මෙසේ ද සඳහන් විය: “සමාජ මාධ්‍යවල, පුවත්පත් සමග හෝ වෙනත් තැන්වල සමාගමේ රහස්‍ය තොරතුරු සාකච්ඡා කිරීමෙන් වළකිමින්, සමාගම් ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරන්න.”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

BBC, ට්විටර් වෙතින් අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීමට ඔවුන් වහාම ප්‍රතිචාර දැක්වූයේ නැත.

වාර්තාවලට අනුව, මේ සතියේ ඊලොන් මස්ක් ට්විටර් කාර්ය මණ්ඩලයට පවසා ඇත්තේ ඔවුන් දිගු වේලාවක් වැඩ කිරීමට කැපවිය යුතු බවත්, “අතිශයින්ම කාර්යක්ෂම විය යුතු” හෝ සමාගමෙන් ඉවත්ව යා යුතු බවත් ය.

වොෂින්ටන් පෝස්ට් වාර්තා කරන පරිදි, කාර්ය මණ්ඩලයට යැවූ ඊමේල් පණිවුඩයකින් සමාගමේ නව හිමිකරු කියා ඇත්තේ ඔවුන් සමාගම තුළ තවදුරටත් රැඳී සිටීමට අවශ්‍ය නම් එම පොරොන්දුවට එකඟ විය යුතු බව යි.

නොවැම්බර් 17 වන දා බ්‍රහස්පතින්දා වන විටත් ඊට එකඟවී නොමැති අයට මාස තුනක පාරිතෝෂිකයක් සමග ඉවත්ව යාමට සලසා දෙනබව ඊලොන් මස්ක් පැවසීය.

මෙම මස මුල දී සමාගම පැවසුවේ තම ශ්‍රම බලකායෙන් 50%ක් පමණ ඉවත්කරමින් සිටින බව යි.

ට්විටරය සිය කාර්යාල තාවකාලිකව වසා දැමූ බව අද නිවේදනය කළේ, ඊලොන් මස්ක්ගේ නව කොන්දේසි පිළිනොගත් විශාල සේවක පිරිසක් ද දැන් ඉල්ලා අස්වී යන බවට ලකුණු පහළ වී ඇති අතරවාරයේ ය.

සේවකයින් තමන් ආයතනය හැර යන බව පෙන්වීමට #LoveWhereYouWorked හැෂ්ටැග් එක සහ ආචාර කිරීමේ ඉමොජිය භාවිතා කරමින් ට්වීට් කර ඇත.

එක් හිටපු නිර්නාමික ට්විටර් සේවකයෙක් BBCයට මෙසේ පැවසීය: “මම හිතන්නේ අද දවස අවසන් වෙද්දි 2000කටත් වඩා අඩු පිරිසක් තමයි ඉතිරි වෙන්නේ.”

තම කණ්ඩායමේ සියලුදෙනා සේවයෙන් පහකර ඇතිබව එම හිටපු සේවකයා වැඩිදුරටත් පැවසීය.

“ඒ ටීම් එකේ මැනේජර්ගේ, (ඉහළ) මැනේජර්ව අයින් කළා. ඊට පස්සේ ඒ මැනේජර්ගේ මැනේජර්ව අයින් කළා. ඊට උඩින් ඉන්න කෙනා තමයි පළවෙනි දවසෙම අයින් කරපු විධායක නිලධාරියා. ඉතින් ඔය අණදීමේ දාමයේ කවුරුත් ඉතුරු වෙලා නෑ.”

ඊලොන් මස්ක් ට්විටරය අතට ගැනීමට පෙර සමාගමේ කාර්ය මණ්ඩලය 7500ක් පමණ සිටියේ ය. සමාගම විසින් කොන්ත්‍රාත් සේවකයින් දහස් ගණනක් සේවයේ යොදවා ඇති බව ද වාර්තා වූ අතර, ඔවුන්ගෙන් බහුතරයක් ද දැන් සේවයෙන් පහකර ඇත.

තවත් අයෙක් පැවසුවේ දිගු වේලාවක් වැඩ කිරීමට සූදානම්ව සිටිය ද තමා ඉල්ලා අස්වූ බව යි.

“මම දැනටමත් සතියකට පැය 60-70ක් වැඩ කරද්දි ‘විශේෂ පිරිසක් මෙතන වැඩ කරන්න ඕන’ කියලා අපිට තර්ජනය කරලා කීප සැරයක් ඊමේල් එවන කෙනෙක් යටතේ මට වැඩ කරන්න ඕන නැහැ,” එම පුද්ගලයා පැවසීය.

ලොව ධනවත්ම පුද්ගලයා ට්විටර්හි ප්‍රධාන විධායකයා බවට පත්වූයේ පසුගිය මාසයේ දී ඩොලර් බිලියන 44ක ගනුදෙනුවකින් සමාගම මිල දී ගැනීමෙන් පසුව ය.

ට්විටර් කාර්යාල වසා දැමීම පිළිබඳ නිවේදනයෙන් පසු, ට්විටරය වසා දැමීමට ආසන්නබවට මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඊලොන් මෙසේ ට්වීට් කළේ ය.

“හොඳම අය ඉඳීවි. මට නම් ගැටළුවක් නැහැ”.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහවැලි ඉඩම් හා අවශේෂ කැලෑ ඉඩම් ප්‍රාදේශීය ලේකම් යටතේ තියන්න එපා!…

Next Post

දකුණු සුමාත්‍රා ආශ්‍රිත භූ චලනයෙන්  ලංකාවට සුනාමි අවදානමක් නෑ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.