මහවැලි ඉඩම් හා අවශේෂ කැලෑ ඉඩම් ප්‍රාදේශීය ලේකම් යටතේ නොතබන්න යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න අයවැය විවාදය අතරේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියාය.
මහවැලි ඉඩම් නේවාසික කළමණාකරු යටතේ ද, අවශේෂ කැලෑ ඉඩම් දිසා වන නිලධාරී, වන සංරක්ෂණය යටතේ තබන්න යැයි ඉල්ලීම් කරමින් ඇය පැවසුවේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු එක වගේ නොවන නිසා ඉඩම් අවභාවිතාවට ලක් වෙන බව ය.
“ප්‍රාදේශීය ලේකම්වරු යටතේ ඉඩම් බෙදා හැරීමේ බලය තියෙද්දී අවශේෂ කැළෑ ටික ඉතාමත් නරක විදියට තමන්ගේ හිත මිතුරන්ට ලබා දෙනවා. උදාහරණයක් විදියට ගලේවල මොරගොල්ල ග්‍රාමසේවා වසමේ අක්කර 30 පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක්ට අල්ලස් අරගෙන දීලා තියෙනවා. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරන්න..”
වැඩි දුරටත් අදහස් පළ කරමින් ඇය පවසා සිටියේ ලග්ගල පොළොන්නරුව ඉඩම් බෙදා හැරීමේ දී සිය මිතුරන්ට ඉඩම් ලබා දීමට පෙර මොරගහකන්ද ජලාශය නිසා ඉඩම් අහිමි වුණු අවතැන් වූ අයට ඉඩම් ලබා දිය යුතු බවය.
“ඇමැතිතුමා එළියේදී මට තර්ජනේකුත් කළා.. මම කියන්න ඕනේ ඔයිට වැඩිය ලොකු අය එක්ක අපි හැප්පිලා තියෙනවා කියලා.. පොළොන්නරුවේ මැති ඇමතිලගේ හීන හැබෑ කරන්න ලග්ගල හා මාතලේ මිනිස්සු බිලි දෙන්න මම ඉන්නකම් ඉඩ දෙන්නේ නෑ..”
මන්ත්‍රීවරිය පැවසුවාය.
මහවැලි ඉඩම් මංකොල්ලයක් සිදුවෙන බව ද, ඒ සම්බන්ධයෙන් අය වැය ශීර්ෂයේදී තොරතුරු පවසන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.