ඉන්දියානු සාගරයේ දකුණු සුමාත්‍රා දූපත් ආශ්‍රිත ව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.07 ට ඇති වූ රික්තර් මාපාංක 6.8ක ප්‍රබලත්වයකුන් යුතු භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අක්ෂාංශ 4.81 හා දේශාංශ 100.81 අතර කිලෝමීටර් 10ක් ගැඹුරු මුහුදේ හටගත් මෙම භූ කම්පනයෙන් සුනාමි තත්ත්වයක් හට ගෙන නොමැත.
මෙම භූ චලනයත් සමගම ජාතික සුනාමි අනතුරු ඇගවීම් මධ්‍යස්ථානය දන්වා සිටියේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත්වන ජනතාව මෙම භූ චලනය සම්බන්ධ නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව සැලකිලිමත්වී සිටින ලෙසය.
මීට ස්වල්ප වෙලාවකට පෙර ජාතික සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව නිවේදනය කළේය.
එම නිවේදනය මෙසේය