ශ්‍රී ලංකාවේ රුපියල ලෝකයේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකයට ඇදවැටී ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කරයි.
රුපියලේ අගය වාර්තාගත ලෙස පහත වැටී ඇති ආකාරය එම වාර්තාවේ පෙන්වා දෙයි.
නරක අතට හැරෙමින් ඇති දේශපාලන අර්බුදය පාලනය කිරීමට ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීම ඊයේ රාත්‍රියෙන් අවසන් වූ පසු ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් තුන්සියය ආසන්නයට පැමිණ ඇති බව ෆයිනෑෂල් ටයිම්ස් කියයි.
අද රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම රුපියල් 302කි.
ඔවුන් පෙන්වා දෙන්නේ වසර ආරම්භයේ සිට මේ දක්වා රුපියලේ බිඳවැටීම සියයට 32ක් බවය. මේ වනවිට අප සිටින්නේ රුසියාවේ රූබලයට වඩා පසුගාමීව බව ද ඔවුන් පෙන්වා දෙන්නේය.
කියවන්න…
: https://www.ft.com/content/b6c91edf-d8b3-42d6-8eef-c42f2f2544b3







