එන්නත්කරණය සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් ඉදිරි සති 6ක කාලය තුළ රට අගුලු දැමීළු දැමීමේ හෝ වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවට වන රජයේ ස්ථාවරය සෞඛ්‍ය අමාත්‍යාංශය බලධාරීන් වෙත දන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.
ඊයේ පැවැති සාකච්ඡාවක දී රජයේ ඉහළ පෙළේ බලධාරීන් මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය මෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන් නිර්මාණය විය හැකි තත්ත්වය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් දී ඇත.
විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය විශේෂඥයන්ගේ යෝජනාව සහ නිර්දේශය වී ඇත්තේ කොවිඩ් තත්වය දරුණු වීමත් සමගම මේ මොහොතේ රටට වහාම ඇඳිරි නීතිය පැනවීමක් හෝ වසා දැමීමේ තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලෙසයි.
එසේ වුවද දැනට පවතින වැඩපිළිවෙළෙහි කිසිදු වෙනසක් නොකොට එන්නත්කරණය අවසන් වන තෙක් පවතින සංචරණ සීමා ලිහිල් කිරීම හෝ දැඩි කිරීම් සහිතව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය ස්ථාවරය දන්වා ඇත.
මේ අතර මෙරට තුළ දෛනික වාර්තා වන මරණ සංඛ්‍යාව අඛණ්ඩව දින තුනක් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ ගණන 5,464කි.
ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 650කට අධික ය.