අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් ජාතික පක්ෂය වහා ක්‍රියාත්මක කළ යුතු පිළිවෙත් 21ක් යෝජනා කරයි

by Lanka Sara Editor
අගෝස්තු 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයෙහි උච්ඡ අවස්ථාවකට පැමිණ ඇති වර්තමානයේ එම තත්ත්වය කළමනාකරණය සඳහා වහා ක්‍රියාත්මක කළ යුතු බවට වන යෝජනා 21ක් එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

කොවිඩ් වසංගතයට මුහුණදීම උදෙසා හමුදාව සහ ඉදිකිරීම් සමාගම්වල උපරීම සහයෝගය ඇතිව තාවකාලික ක්ෂේත්‍ර රෝහල් ඉදිකිරීම. රෝගීන් සඳහා නව ඇඳන් සම්පාදනය, වසංගතයට අදාල සියලුම විය හියදම් කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට වග කියන වෙනම වැය ශීර්ෂයක් යටතට පත් කිරීම ඇතුළු යෝජනා 21ක් එහි ඇතුළත් වේ.
එම යෝජනා මෙසේය.

• කොවිඩ් වසංගතයට මුහුණදීම උදෙසා හමුදාව සහ ඉදිකිරීම් සමාගම් වල උපරීම සහයෝගය ඇතිව තාවකාලික ක්ෂේත්‍ර රෝහල් ඉදිකිරීම. රෝගීන් සඳහා නව ඇඳන් සම්පාදනය ද මෙයට ඇතුළත් ය.
• ශ්වසන අපහසුතා ඇති වන රෝගීන් සඳහා කෘත්‍රිමව ඔක්සිජන් ලබාදෙන උපකරණ (ventilators) ලබාගැනීම වෙනුවෙන් මෙන්ම අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය පවත්වා ගැනීම වෙනුවෙන් රජය වහාම ජාත්‍යන්තර සහාය ලබාගත යුතු ය. මේවා රටට ඉක්මණින් ගෙන්වා ගැනීම වෙනුවෙන් ගුවන් පහසුකම් භාවිතා කළ යුතු ය.
• රටේ සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සහායවීම සඳහා විශ්‍රාමික වෛද්‍ය වෘත්තිකයින් ගේ මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය අංශ වෘත්තිකයන් ගේ සේවය ද ලබාගත යුතු ය. හැකි අයුරින් අනෙකුත් විශ්‍රාමික සෞඛ්‍ය සේවකයන්ගේ ද සහාය ලබාගැනීම කාලෝචිත ය.
• එන්නත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කළ යුතු අතර, COVID-19 ආශ්‍රිත කටයුතු වෙනුවෙන් දැනට පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හිටුවා, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම නිර්දේශිත වේ.
• දෙමාපියන් ගේ අනුමැතියට යටත්ව කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන වයස අවුරුදු 12 සිට ඉහළ දරුවන් ද ඇතුළත් වන ලෙස පුළුල් කළ යුතු ය.
• එන්නත්කරණ වැඩසටහන වේගවත් කළ යුතු අතර, එන්නත් වැඩසටහන සඳහා ප්‍රායෝගික කාල රාමුවක් වෛද්‍ය බලධාරීන් විසින් ස්ථාපිත කළ යුතු ය.
• මහජනතාව සඳහා සිදුකෙරෙන PCR පරීක්‍ෂණ ප්‍රමාණය වැඩි කළ යුතු ය.
• සෞඛ්‍ය සේවයේ සියලුම සාමාජිකයින් නිතිපතා PCR පරීක්‍ෂණයන්ට භාජනය කළ යුතු අතර, පෞද්ගලික පරිහරණය සඳහා සෞඛ්‍ය ආරක්‍ෂක උපකරණ ඔවුන් වෙත ලබාදිය යුතු ය.
• කොවිඩ් -19 ආසාදිතයින් සහ මරණ පිළිබඳ නිවැරදි දත්ත ඇතුලත් සංඛ්‍යාලේඛන පවත්වා ගෙන යෑමට කටයුතු කළ යුතු ය.

• කොවිඩ් මර්දන කාර්යසාධක බලකාය සඳහා නීතියේ කිසිදු විධිවිධානයක් නොමැත. එම බලතල ඇත්තේ අමාත්‍ය මණ්ඩලයට, ආපදා කළමනාකරණ සභාවට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ ය. එම නිසා මෙම කාර්යසාධක බලකාය වහාම අහෝසි කළ යුතු අතර, කැබිනට් මණ්ඩලය මෙහි වගකීම භාරගත යුතු වේ. ඒ අනුව අදාළ ඇමතිවරුන්, විපක්ෂ නායක ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් සහ නිලධාරීන් ගෙන් සමන්විත ආපදා කළමනාකරණ සභාව ඉක්මණින් කැඳවිය යුතු ය. කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක විය යුත්තේ ඔවුන් හරහා ය.
• ඊට අමතරව කැබිනට් මණ්ඩලයට සහාය වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද පුද්ගලයින් ගෙන් සමන්විත විශේෂ උපදේශක කණ්ඩායමක් පිහිටුවිය යුතු ය.
• කොවිඩ් -19 සම්බන්ධයෙන් රටේ පවතින තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා සෞඛ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව සතිපතා රැස්විය යුතු ය.
• කොවිඩ් -19 හා ඊට සම්බන්ධ සියළුම කටයුතුවල මූලික කාර්යභාරය වෛද්‍ය බලධාරීන් වෙත පැවරිය යුතු අතර, ඊට සහාය දෙන කණ්ඩායම් වශයෙන් හමුදාව සහ අනෙකුත් අවශ්‍ය ආයතන පවත්වා ගෙන යා යුතු ය. සෞඛ්‍ය සේවා පනතට අනුකූලව සියළුම කොවිඩ් -19 මර්දන කාර්යයන් සෞඛ්‍ය විශේෂඥයින් ගේ සෘජු පාලනය සහ අධීක්ෂණය යටතේ තිබිය යුතු ය.
• විපක්ෂය විසින් ඉදිරිපත් කොට තිබෙන “මහජන සෞඛ්‍ය හදිසි පනත් කෙටුම්පත”, පාර්ලිමේන්තුව විසින් කෙටුම්පතක් ලෙස සකස් කොට වහාම බලාත්මක කළ යුතු ය. රජය විසින් ඉදිරිපත් කර තිබෙන “කොරෝනා වෛරසය – 2019 (COVID-19) (තාවකාලික විධිවිධාන)” යන අර්ධ සහන සපයන පනත ද සම්මත කළ යුතු ය.
• කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය සම්පත් ලබාදීම වෙනුවෙන් සිය සාමාජික රටවලට ඉල්ලීම් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විශේෂ අයිතියක් ලබාදී ඇත. මෙමගින් සෞඛ්‍ය අංශ වෙත අතිරේක මූල්‍ය සම්පත් සපයනු ලබයි. ඒ අනුව, මෙම අරමුදල විසින් මෙරට සෞඛ්‍ය අංශය සඳහා ඩොලර් මිලියන 800 ක අතිරේක මූල්‍ය ප්‍රදානයක් වෙන් කළ අතර, එය එන්නත් මිලදී ගැනීම ඇතුළුව කොවිඩ් වියදම් සඳහා වැය කළ යුතු ය.
• කොවිඩ් -19 වසංගත තත්ත්වය සහ විදේශ විනිමය සංචිත නොමැතිකම හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. හදිසි ආර්ථික සහන වැඩසටහන් සඳහා ද ඉඩකඩක් නොමැත. එබැවින්, රජය වහාම අවශ්‍ය අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ යුතු ය.
• පුරවැසියන්ගේ සංචරණය අඩු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයට සිය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුගමනය කළ යුතු ය.
• පොදු ප්‍රවාහන සේවයත් එහි ධාරිතාවයෙන් අඩකට සීමා කළ යුතු අතර, මහජනතාව අත්‍යවශ්‍ය ගමන් වෙනුවෙන් පමණක් සීමා කළ යුතු ය.
• එන්නත් නොකළ සියලුම සංචාරකයින් සඳහා රටේ දේශසීමා වහාම වසා දැමිය යුතු ය.
• ආපදා කළමනාකරණ සභාව සහ අධ්‍යාපන ආයතන එක්ව දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සැලැස්මක් සකස් කළ යුතු ය. එමගින් නැවත සුරක්ෂිතව පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමට හෝ රටේ සියළුම දරුවන්ට සමානව අධ්‍යාපනය හිමිවීමේ අවස්ථාව උදාකර දීමට කටයුතු කළ යුතු ය.
• සියළුම COVID-19 වියදම් අධීක්ෂණය කිරීම සඳහා වෙනම වැය ශීර්ෂයක් ස්ථාපිත කළ යුතු ය . මෙය කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට වගකියනු ඇත.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සති 6 ක් යනතෙක් රට වහන්නේ නෑ – රජයේ ස්ථාවරය සෞඛ්‍ය බලධාරීන්ට දන්වයි

Next Post

දෛනික කොවිඩ් මරණ 150 ඉක්මවයි… සමස්ථ මරණ 5500 පනී…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.