ලිංගිකව කටයුතු සඳහා අන්තර්ජාල වෙබ් අඩවි හරහා කාන්තාවන් සහ බාලවයස්කාර දැරියන් අලෙවි කිරීමේ වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය සැකකරුවකු රත්නපුර කලවාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දිනයේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
වයස අවුරුදු 15ක දැරියක් ලිංගිකව අපයෝජනය කිරීම සහ අන්තර්ජාල වෙබ් අඩවි හරහා අලෙවි කිරීම සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව විමර්ශනය ළමා හා කාන්තා අපයෝජන කාර්යාංශය සහ රහහස් පොලීසිය විසින් තවදුරටත් සිදු කරන අතර එම විමර්ශනයට අදාළව අනාවරණය වූ තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට විමර්ශනයට අදාළව සැකකරුවන් සහ සැකකාරියන් 46 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇත.
මීට අදාළ විමර්ශන තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් ක්‍රියාත්මකයි.