අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුපැටවු රැසක් ජීවිත අනතුරක… පේරාදෙණිය ළමා රෝහලේ MRI යන්ත්‍රය මුලුමනින් අක්‍රීයවීම පසුපස ගසා කෑමක්?…

පුද්ගලික ආයතනයකට කෝටි ගණන් ගෙවා ප්‍රතිසංස්කරණය කළත් ප්‍රයෝජනයක් නෑ... කාමරයට සීල් තබා අමාත්‍යාංශය පරීක්ෂණයක් ඉල්ලයි...

by editor
සැප්තැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල සඳහා රුපියල් කෝටි ගණනක් ව‍ෙයකර ලබාගන්නා ලද එම්.ආර්.අයි යන්ත්‍රය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් නැවත භාවිතයට ගත නොහැකි ලෙස අක්‍රීයවී ඇතැයි දැන ගන්නට තිබේ.

වසර තුනක් තිස්සේ විටින් විට අක්‍රීයවූ මෙම යන්ත්‍රය පෞද්ගලික ආයතනයක සහය ලබා ගනිමින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා ප්‍රතිසංස්කරණය කර තිබෙන නමුත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත් නොවුණු බව රෝහල් සේවකයෝ පවසති.

අක්‍රීයව පැවැති මෙම යන්ත්‍රය අලුත්වැඩියා කර 2018 පෙබරවාරී මස 15 දින අදාළ සමාගම විසින් බාරදුන් නමුත් පසුදින සිට එය යළිත් අක්‍රීය වූ බව විකිරණ අංශය රෝහල් අධ්‍යක්ෂ මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත. පසුව යළිත් ක්‍රියාත්මක තත්ත්වයට පත්කර තිබෙන යන්ත්‍රයට 2018 වසරේ මාර්තු මස 12 දින රෝගියෙකු සමඟ ගෙනා ඔක්සිජන් සිලින්ඩරයක් ඇඳී ගොස් සිරවී තිබේ.

යන්ත්‍රය වටා ඇති චුම්භක ක්ෂේත්‍රයට ලෝහමය ද්‍රව්‍යය ඇද ගැනීමේ ශක්තියක් ඇති බැවින් මෙම සිලින්ඩරය ඒ තුළට ඇදී ගොස් තිබෙන අතර සිලින්ඩරය ඉවත් කිරීම සඳහා පෞද්ගලික සමාගමක් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ඉල්ලා තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

අදාළ සමාගම විසින් 2018 අගෝස්තු මස 09 දින එම සිලින්ඩරය ඉවත්කර තිබෙන නමුත් එය ක්‍රියාත්මක තත්ත්වයට පත්ව නොතිබියදී මුදල් ගෙවීම් සිදුකර තිබෙන බව වාර්තාවෙයි.

පළාත් 07 ක ළමා රෝගීන් වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර ලබාදීමට ඇති එකම රෝහල පේරාදෙණිය රෝහල වන අතර මෙම යන්ත්‍රය වසර තුනක් තිස්සේ වැඩි කාලයක් අක්‍රිය වීම නිසා එම්.ආර්.අයි පරීක්ෂණ වලට යොමුකෙරෙන ළමුන්ගේ පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට රුපියල් 20000.00 ක පමණ මුදලක් ගෙවීමට දෙමව්පියන්ට සිදුව තිබේ.

රජයේ වියදමින් අදාළ පරීක්ෂණය සිදුකරන්නේ නම් ඒ සඳහා මධ්‍යම පළාතේ පහසුකම් ඇත්තේ මහනුවර ජාතික රෝහලේ පමණි. එහි පොරොත්තු ලේඛණයට අනුව පරීක්ෂණය සිදුකර ගැනීම සඳහා අවම තරමින් මාස 06 ක පමණ කාලයක් ළමුන්ට ඉන්නට සිදුවෙයි. යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍යය හීලියම් වායුව නිසි ලෙස නොසැපයීම නිසා දැනට වසරක පමණ කාලයක සිට එහි චුම්භක බලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත්තේ නැවත එය ප්‍රයෝජනයට ගත නොහැකි පරිදිය.

මේවන විට එම්.ආර්.අයි යන්ත්‍රය ඇති කාමරයට සීල් තබා තිබෙන අතර මේ සම්බන්ධව කළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර  පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාශයෙන් මගින් මේ පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා තිබෙන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලිංගික සේවයට කතුන් ඔන්ලයින් විකිණූ අයකු කලවානේදී අත්අඩංගුවට

Next Post

යාපනයේ මැරයෝ ඇඳිරිනීතිය මැද කන්කසන්තුරය පොලිසිය ඉදිරිපිට පොලුවලින් පහර දී තරුණයෙක් ඝාතනය කරති…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.