දියසේන රතුගමගේ –
සංචරණ ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබු අවස්ථාවේ යාපනය කන්කසන්තුරේ පොලීසිය ඉදිරිපිටදීම පිරිසක් විසින් තරුණයෙකුට පහර දී ඊයේ (16) ඝාතනය කොට තිබේ.
පසුගිය දිනක අවමංගල උත්සවයකදී ඇති වූ සිද්ධියක් මුල් කරගෙන හට ගත් බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් පිරිසක් විසින් එම තරුණයාට පොලු වලින් හිසට පහර දී ඝාතනය කොට තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ යාපනයේ නල්ලිනක්කුපුරම් ගම්මානයේ පදිංචි 24 හැවිරිදි එම්.ජෙනූශන් නැමති තරුණයෙකි.
යාපනය කන්කසන්තුරේ පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.