මුස්ලිම් විවාහ දික්කසාද නීති සංශෝධනයට අදාලව කාති උසාවි ක්‍රමය සහ බහු විවාහය අහෝසි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී ඇති යෝජනාවලට අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි හා සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක් වෙමින් සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය සිය විරෝධය පල කර ඇතැයි වාර්තා වේ.
විවාහවන වයස අවුරුදු 18 වීම, විවාහය ලියාපදිංචිය අනිවාර්ය කිරීම, ඊට කාන්තාවගේ ද අත්සන ලබා ගැනීම, කාති ක්‍රමය අහෝසි කිරීම, බහු විවාහය අහෝසි කිරීම, කාතිවරුන් ලෙස කාන්තාවන්ට ද පත්වීමට අවස්ථාව සැලසීම යන යෝජනා මේ වනවිට මුස්ලිම් විවාහ දික්කසාද නීතිය සංශෝධනයට අදාලව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී තිබේ.
විවාහ විය යුතු වසය අවුරුදු 18 ලෙස වූ යෝජනාවට විවාහ අපේක්ෂිත තරුණියගේ කැමැත්ත සහ අධිකරණයේ අවසරය මත වයස අවුරුදු 16 -18 අතර ලෙස සංශෝධනය කරන ලෙස සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය ඉල්ලීමක් කර ඇත.
විවාහය ලියාපදිංචියේ දී තරුණියට අත්සන් කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධව එකඟතාවය පල කර ඇතත් භාරකරුගේ අත්සන අනිවාර්ය කිරිමට ද යෝජනා ඉදිරිපත් වී තිබේ.
මේ සියල්ල අතර කාති ක්‍රමය අහෝසි කිරීම හා බහු විවාහය අහෝසි කිරීමට උලමාවරු දැඩි විරෝධය පල කර තිබේ.
එමෙන්ම කාතිවරුන් පත් කිරීමේ දී කාන්තාවන්ට ද ඊට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවේ දී නිශ්චිත තීන්දුවක් ගෙන නැත.
මුස්ලිම් විවාහ දික්කසාද නීතිය තුළ සංශෝධනය විය යුතු කරුණු සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තා ක්‍රියාකාරී ජාලයේ සම නිර්මාතෘ ග්‍රීන් අබ්දුල් සරූර් මාධ්‍යයට පවසා තිබුණේ බහු විවාහය අහෝසි කිරීම නොව දැඩි කොන්දේසි සහිතව එය පවත්වාගෙන යෑමට මුස්ලිම් කාන්තා සංවිධාන අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බවය.
කාන්තා කාතිවරුන් පත් කිරිමට ඔවුන් ඉල්ලීමක් කර ඇත. මෙම සංශෝධන සම්බන්ධව මුස්ලිම් කාන්තා ප්‍රජාව දැනුම්වත් කිරීමෙන් ඒ සම්බන්ධව ඇති අනවබෝධය මගහැර ගත හැකි බවත් ස්ලිම් කාන්තා ක්‍රියාකාරී ජාලයේ සම නිර්මාතෘ ග්‍රීන් අබ්දුල් සරූර් පවසා තිබේ.
හිරු නිවුස් –