-
බන්ධනාගාර අමාත්‍ය තනතුර භාර ගත්තේ බන්ධනාගාර ගිනි ගනිමින් තිබෙන වෙලාවක…
-
ඇතුළත සියලු දේ වෙනස් කළා. මතු ද්‍රව්‍ය ජාවාරම නැවත්තුවා. ඇතුලේ ඉඳන් සිදු කරන දරුණු අපරාධ නැවැත්තුවා. එවැනි අපරාධකරුවන් වෙනම රඳවා තැබීමට කටයුතු කළා…
-
මා යටතේ බන්ධනාගාර 29ක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක් තිබුණා. මට මේ ස්ථානවලට යන්න කාගෙවත් අවසර අවශ්‍ය නෑ. මා එහි කිසිවකුට නොදන්වා යන්නේ එහි සිදුවන දේ සත්‍ය වශයෙන්ම දැනගන්න ඕන නිසයි.
-
බීමතින් යහළුවන් සහ කාන්වතාවක සමඟ බන්ධනාගාරයට ඇතුළු වූ බවට සහ සිරකරුවන් ට තර්ජනය කළ බවට කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේ කරනවා
බන්ධනාගාර අමාත්‍යවරයා ලෙස තමන්ට ඕන වෙලාවක බන්ධනාගාරයකට ඇතුළු විය හැකි බවත් අවේලාවේ කිසිවකුට නොදන්වා මා බන්ධනාගාරයට ගියේ එහි සිදුවන සත්‍ය දේ තේරුම් ගැනීමට බවත් පසුගිය කාලයේ බන්ධනාගාර තුළ සිට සිදු කෙරුණු මිනී මැරුම් දරුණු අපරාධ සහ ජාවාරම් නැවතීමට හැකිවූ මා දුෂ්ඨයකු ලෙස සැලකීම පිළිබඳව කණගාටු වන බවත් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ මැණික් සහ ස්වර්ණාභරණ කටයුතු පිළිබඳ රාජ්‍ය ආමත්‍ය ලොහාන් රත්වත්ත පවසයි.
ඩේලි මිරර් පුවත් පතට ප්‍රකාශයකක් දෙමින් ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ ඔහු වැලිකඩ බන්ධනාගාරයට සහ අනුරාධපුර බන්ධනාගාරයට පසුගිය දිනවල සුපුරුදු ලෙස පරීක්ෂා කිරීම්වලට ගිය නමුත් ඔය කියන ආකාරයේ සිරකරුවන්ට තර්ජනයක් කිරීමක් හෝ බලහත්කාරයෙන් ඇතුළු වීමක් සිදු නොකළ බවය.
“මා යටතේ බන්ධනාගාර 29ක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක් තිබුණා. මට මේ ස්ථානවලට යන්න කාගෙවත් අවසර අවශ්‍ය නෑ. රෑක දවාලක ඕන වෙලාවක යන්න පුළුවන්. මා එහි කිසිවකුට නොදන්වා යන්නේ එහි සිදුවන දේ සත්‍ය වශයෙන්ම දැනගන්න ඕන නිසයි.
මම බන්ධනාගාර අමාත්‍ය තනතුර භාර ගත්තේ බන්ධනාගාර ගිනි ගනිමින් තිබෙන වෙලාවක. මම ඇතුළත සියලු දේ වෙනස් කළා. මතු ද්‍රව්‍ය ජාවාරම නැවත්තුවා. ඇතුලේ ඉඳන් සිදු කරන දරුණු අපරාධ නැවැත්තුවා. එවැනි අපරාධකරුවන් වෙනම රඳවා තැබීමට කටයුතු කළා. මේක ඇතැම් දේවල් මට ඔබට ආරක්ෂක හේතුන් නිසා විස්තර කළ නොහැකියි. මම මේ සියලු දේ වෙනස් කළා. බන්ධනාගාර පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථාන බවට පත් කරමින් සිටියා. මේ සමස්ත පද්ධතියම වෙනස් කිරීම මගේ අරමුණ වුණා. ඒ වෙනුවෙන් වැඩ කළා.“
එහෙත් මේ සිදු කරන සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව ඩේලි මිරර් පුවත් පතට සඳහන් කර ඇති රත්වත්තේ අමාත්‍යවරයා තමන් බීමතින් යහළුවන් සහ කාන්වතාවක සමඟ බන්ධනාගාරයට ඇතුළු වූ බවට සහ සිරකරුවන් ට තර්ජනය කළ බවට කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේ කරන බවද සඳහන් කර තිබේ