බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මූලික විමර්ශන තොරතුරු අනුව හලාවත කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසේ සිදුවූ දේ මෙන්න… බිරිය මරා උඩු මහලේ දමා දියණිය පන්තියෙන් රැගෙන විත් ඝාතනය කරලා… පසුව ව්‍යාපාරිකයාත් සිය දිවි නසාගෙන…

by editor
ඔක්තෝබර් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හලාවත සිංහපුර පාරේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසේ සිදුවී ඇති මරණ ත්‍රිත්වය මනුෂ්‍ය ඝාතනයක් බව තොරතුරු ලැබී ඇතැයි විමර්ශන අංශ කියයි.

මිය ගොස් ඇත්තේ එස්.ජි.සේනාරත්න( 52), ඔහුගෙ බිරිය මංජුලා නිරෝෂනී (43) සහ දියණිය නෙත්මි නිමේෂා (15) යන තිදෙනාය. මියගොස් ඇති ගෘහ මූලිකයා හලාවත පර්ල් ලෑන්ඩ් සේල්ස් ව්‍යාපාරය හිමිකරුය. බිරිය මංජුලා මුන්නේස්වරම වසම භාරව කටයුතු කළ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ව සේවය කළ සංවර්ධන නිලධාරිනියකි. දියණිය නෙත්මි හලාවත ආනන්ද ජාතික පාසලේ 10 ශ්‍රේණියේ ඉගනුම ලබන්නිය.

මෙම මරණවලට අදාලව පිටස්තර සමබන්ධතාවයක් නොමැති බවට ද තොරතුරු ලැබී ඇත.

අපරාධය සිදුවූ නිවසේ ජනෙල් දොරවල් වසා දමා ඇතුලතින් අගුලු ලා තිබී ඇති අතර ගිනි නිවන ඒකක ගිනි ගන්නා නිවසට ඇතුළු වි ඇත්තේ දොර අගුලු කඩා දමමිනි.

සිද්ධිය වූ ස්ථානයේ ලේ පැල්ලම් තිබී ඇත. දොර ඇතුළතින් අගුලු ලා තිබුණු අයුරු නිරික්ෂණය වී තිබේ. ඒ අනුව පිටතින් මෙම ස්ථානයට කිසිවෙක් ඇතුළුව ඇති බවට සාක්ෂි හමුවි නැත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙම මරණ තුනෙන් බිරියගේ සිරුර හමුවි ඇත්තේ දෙමල් නිවසේ උඩු මහලේ කාමරයක තිබීය. ඇයගේ ගෙල කඳෙන් වෙන් වන තරමට කපා දමා ඝාතනය කර ඇති ආකාරය නිරික්ෂණය වී ඇත. එම සිරුර නිරීක්ෂණයේ දී ඇයව ඝාතනය කර ඇත්තේ පෙරේදා (19) දින පෙරවරුවේ හෝ දහවල් කාලයේ දී බව විමර්ශන අංශ සැක කරයි. ඒ සම්බන්ධව පැහැදිලි තොරතුරු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වනු ඇතැයි විමර්ශකයින් කියයි.

ව්‍යාපාරිකයාගේ හා ඔහුගේ 15 හැවිරිදි දියණියගේ මළ සිරුරු හමුවි ඇත්තේ ගිනි ගන්නා නිවසේ සාලයෙනි. නිවසේ ගෘහ උපකරණ ඇතුළු ද්‍රව්‍ය මත ඉන්ධන වර්ගයක් යොදා සිරුරු දෙකට ගිනි තබාගෙන ඇති බව විමර්ශනවලදී  තොරතුරු ලැබී   ඇත. එම සිරුරු දෙක ගිනිගෙන බොහෝ සේ පිලිස්සි තිබි ඇත. ගින්න නිවසේ පහත මාලය පුරා පැතිරි ගොස් තිබෙන අයුරු නිරීක්ෂණය වී තිබේ.

දැනට ලැබි ඇති තොරතුරු අනුව ව්‍යාපාරිකයා 19 දා සවස නිවසේම රැඳි සිට ඇත. දියණිය උපකාරක පන්තිවලට සහභාගී වීම සඳහා පිටතට ගොස් තිබේ. උපකාරක පන්ති නිමා වී දියණිය සිය යෙහෙළියකගේ නිවසට ගොස් සිට ඇති අතර එදින රාත්‍රි 8.15ට පමණ ව්‍යාපාරිකයා යතුරුපැදියකින් ගොස් දියණිය නිවසට රැගෙන විත් ඇත. ඇය මරා දමා ඇත්තේ එසේ ඇයව රැගෙන පැමිණි සුලු මොහොතකට  පසුව විමර්ශන අංශ සැක කරයි.පොලිසියසැක කරන්නේ දියණිය නිවසට එනවිටත් ඇයගේ මව නිවසේ උඩුමහලේ කාමරයක් තුළ ඝාතනය වී සිටින්නට ඇති බවය.

පොලිසිය පවසන්නේ මෙම ව්‍යාපාරිකයා දැඩි ආර්ථික අර්බුදයක සිය ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇති බවය.  හලාවත කුරුණෑගල පාරේ බිරියට අයත් අක්කර පහක ඉඩමක් කට්ටිකර විකිණීමට ව්‍යාපාරිකයා ගත් උත්සාහයක් නිසා බිරිය හා සැමියා අතර ප්‍රශ්නයක් ඇති වී තිබුණ බවත් විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

ජානාකීර්ණ ජනපදයක්වන සිංහපුර පාරේ කිසිවෙකුට නිවස ගිනි ගන්නවා දකිනු හැර කිසිම ශබ්දයක් නිවසින් ඇසී නැති බව පොලිසිය කියයි. පොලිසිය මෙන්ම ගිනි නිවීම් සේවා නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත්තේ අසල්වැසියන් විසින් ලබා දුන් තොරතුරු අනුවය.
අදාල ස්ථානවල පොලිස් ස්ථානීය පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ නිලධාරීන්, පොලිස් ඇඟිලි සලකුණු ලබා ගැනීමේ නිලධාරීන්සමග විශේෂ කාර්ය බලකයේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ද පරීක්ෂණ සඳහා එක්ව තිබිණි.  ස්ථානීය අධිකරණ  වෛද්‍ය පාරීක්ෂණයක් ද   සිද්ධ විය.

හලාවත මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂාවක් කර අදාල මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන යෑමට පොලිසියට නියෝග කළේය.

කෙසේ ඒ සම්බන්ධව ස්ථිර නිගමනයකට පිවිසිය හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු නිකුත් කරන වාර්තාව සහ රජයේ රස පරීක්ෂවරයා විසින් නිකුත් කරනු ලබන වාර්තාව අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය නිහාල් තල්දූව කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“කාදිනල්ගේ පාස්කු පිස්සුව” ගැන කාදිනල් හිමි කියන කතාව!

Next Post

රවී සෙනවිතරන්ත – ශානි අබේසේකර පාස්කු අපරාධකරුවො දෙන්නෙක්… ඔවුන්ට විමර්ශන භාර දීම හොරාගෙ අම්මගෙන් නෙමයි හොරාගෙන් පේන අහනවා වගේ වැඩක්… ගම්මන්පිල කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.