ශ්‍රියානි විජේසිංහ –
නිර්වින්දනය කිරිම සඳහා භාවිත කරන heavy Marcaine නැමැති ඖෂධය හිඟවීම හේතුවෙන් සැත්කම් කිරීමට පැමිණෙන රෝගීන්ට එම ඖෂධය පිටිතින් ගෙන එමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
heavy Marcaine ඖෂධය ඉතා ලාභදායී ඖෂධයක් වුවද එය පෞද්ගලික අංශයේ අලෙවි කරනුයේ රුපියල් 900 – 2500 අතර මිලකට බැවින් රෝගීන් මහත් දුෂ්කරතාවට පත්ව ඇතැයි සමස් ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම ඖෂධය කුප්පියක් රුපියල් 120ක් වන නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය මිලදී ගෙන ඇත්තේ රුපියල් 480ක මුදලකට යැයි චෝදනා කරන වෛද්‍ය ජයන්ත බණ්ඩාර පුද්ගලික අංශය විසින් පවතින තත්ත්වය තුළ ඖෂධ කළුකඩ හදාගෙන ඇති අයුරු පැහැදිලි කරයි.
සිසේරියන් සැත්කම්වලදී සහ බඩවැල් ආශ්‍රිත සැත්කම්වලදි රෝගියාව නිර්වින්දනය කිරිම සදහා මෙම ඖෂධය අනිවාර්යයෙන්ම භාවිත කරනු ලැබේ.
සියයට 40 ක් සැත්කම් සදහා heavy Marcaine නිර්වින්දන ඖෂධය භාවිත කරන අතර එය රෝහල්වල නොමැති වීමෙන් සැත්කම් බොහො ප්‍රමාද වන බවද හෙතෙම පෙන්වාදෙ.







