තමිල්නාඩුවේ සම්බන්ධිකරණයෙන් රාජ්‍ය ත්‍රස්ත විරෝධී බලකාය (ඒටීඑස්) විසින් තමිල්නාඩුවේ අංගමාලි හි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් සම්බන්ධව අද (03) අත්අඩංගුවට ගත්තේය.
මොවුන් තිදෙනා පදිංචිව සිට ඇත්තේ තමිල්නාඩුවේ අංගමාලි අසල කිඩංගූර් හි ප්‍රකට ඇක්සිලියම් නැමැති අධ්‍යාපන විද්‍යාලයට යාබදව පිහිටි බද්දට ගත් නිවසකය.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් තිදෙනාම නෙදුම්බසරි හි පිහිටි රාජ්‍ය ත්‍රස්ත විරෝධී බලකා කාර්යාලයට මාරු කර යවා ඇත.
මින් එක් පුද්ගලයෙක් ඔහුගේ පවුලේ අය සමඟ කිඩන්ගූර්හි පදිංචිව සිට ඇත. මෙම තිදෙනා තමිල්නාඩුවේ වාර්තා වූ වෙනත් අපරාධවලට ද සම්බන්ධ බව පොලිසිය පවසයි. ඔවුන් ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කරමින් අංගමාලි හි නැවතී සිටි බව ද පොලිසිය විසින් හෙළි කරගෙන තිබේ.
මොවුන් තිදෙනාගෙන් දෙදෙනෙක් ෂරවනන් සහ කුමාර් බවත් තෙවන පුද්ගලයාගේ නම මෙතෙක් අනාවරණය වී නැති බවත් ඉන්දීය මාධ්‍යය කියයි.