කොවිඩ් -19 වයිරසයේ වඩා වේගයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් තවත් 18ක් ශ්‍රී ලංකාවෙන් හමුවී තිබේ.
කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලින් ඔවුන් වාර්තා වී ඇති බව ඒ පිළිබඳ පර්යේෂණ සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පවසයි.
මීට පෙරද ඩෙල්ටා ආසාදිතයින් කිහිප දෙනෙකු වාර්තා වී තිබූ අතර ඒ බව තහවුරු වූ සැණින් එම ප්‍රදේශ හුදෙකලා කිරීමට කටයුතු කෙරිණි.
මෙරට මුල්ම ඩෙල්ටා ආසාදිතයා වාර්තා වූයේ දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයෙනි.
ඩෙල්ටා ප්‍රභේදය මීට පෙර වෛරසයට වඩා වේගයෙන් පැතිරෙන වඩාහානිකර ප්‍රභේදයක් ලෙසට හඳුනාගෙන තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ වන විට රටවල් 98ක් පුරා ඩෙල්ටා ප්‍රභේදය පැතිරී ගොස් ඇති බවයි.