ඉදුනිල් කහටපිටිය
මේ වන විට සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සතු වත්කම් බැරකම් පිළිබඳ කිසිදු තොරතුරක් මුදල් අමාත්‍යංශයේ හෝ වෙනත් කිසිදු මූල්‍ය තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවක නොමැති බවට ඊයේ 12 පැවැති රජයේ ගිණුම් කාරක සභාවේ දී අනාවරණය වී තිබේ.ෙ
ආර්ථික වශයෙන් දිනෙන් දින පරිහානියට පත්වන විට රටේ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශය අතිශය වැදගත් දත්ත වාර්තාවක් බවට මුදල් අමාත්‍යංශය අවබෝධකරගෙන නොසිටීම ගැන මෙම කාරක සභාවේ දී අවධානයට ලක් වී තිබේ.
මේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක ලංකාසරට ප්‍රකාශ කළේ මෙවැනි හැසිරීම් හරහා පෙන්නුම් කරන්නේ රටේ ආර්ථිකය නගා සිටුවීම සම්බන්ධයෙන් රජයට කිසිදු අරමුණක් හෝ සැලසුමක් නැති බවය.
මේ වන විට ශ්‍රී ලංකාවට ණය ලබාදුන් ජාත්‍යන්තරය ණය ගෙවන ලෙස බලකරමින් පැමිණෙන්න ස්වරූපයක් දක්නා ලැබෙන බවද හෙතෙම කීය.
ණය ගෙවීමට නම් දේශීය ආර්ථිකය නගා සිටුවමින් ජාතික ආදායම ඉහළ දැමීමත් රජයේ අනවශ්‍ය වියදම් අඩු කිරීමත් සිදු කළ යුතු වුවද අමාත්‍යංශ මට්ටමෙන් සිදුකරන මහා පරිමාණ මූල්‍ය වංචා සොරකම් පිළිබඳ හොඳම උදාහරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ බලධාරීන් එක්ක සිදුකර ඇති බවට පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ කරුණු බවද කීවේය.
තවද ගෑස් සහ ඛනිජ තෙල් වල සිට ටෙන්ඩර් මිලදී ගැනීමේදී සිදු කරනු ලබන දහසකුත් මූල්‍ය වංචා රටේ ආර්ථිකය බංකොලොත් භාවයට ඇද දමන ප්‍රධාන සිදුවීම් බව අවබෝධ කර නොගෙන ඒවාට ඉඩහැරීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථිකය නගා සිටුවීම ක් පිළිබඳ අබමල් රේණුවක තරම් බලාපොරොත්තුවක් තබාගත නොහැකි බව ද මන්ත්‍රීවරයා ලංකාසරට කියා සිටියේය.