පොලිස් රාජකාරියා බාධා කිරීමේ චෝදනාව මත ඊයේ අත්අඩංගුවට ගත් ලහිරු වීරසේකර ඇප මත මුදා හැරීමටමාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ ජාතික රෝහලට පැමිණ ඔහුව පරීක්ෂා කළ මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරිය ඔහුට ඇප නියම කළේය.
ළහිරු වීරසේකර අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් නිළධාරීන් විසින් ඔහුට තර්ජනය කර ගෙල ප්‍රදේශය සිර කර ඇති බව ඔහුගේ නීතිඥවරු පවසා තිබිණි.
”මරනවානම් මරණ හැටිත් අපි දන්නවා” යනුවෙන් පොලිස් නිළධාරීන් ප්‍රකාශ කර ඇතැයි ද නීතිඥ අමිල එගොඩමහවත්ත ප්‍රකාශ කළේය.
ඔහු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නේ ඒ තත්ත්වය මතය.
ඔහු ජාතික රෝහලේ 50 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටියේය.







