අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චෝදනා නිරාකරණය වනතෙක් සැපයුම් නෑ… ගල් අඟුරු සැපයුම් කරුවෝ කියති… රට අඳුරට යන ලකුණු!

by editor
සැප්තැම්බර් 10, 2022
in පුවත්
නොරොච්චෝලය ලක්විජය බලාගාරය...

නොරොච්චෝලය ලක්විජය බලාගාරය...

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය හරහා ගල්අඟුරු ලබාගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබාදුන් සැපයුම්කරු, ඔවුන්ට එල්ලකර ඇති චෝදනා නීත්‍යානුකූලව නිරාකරණය කරන තෙක් සැපයුම් සිදුකිරීමට නොහැකි බව දැනුම්දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  ප්‍රධානත්වයෙන්  ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරීන් සහ අදාළ සැපයුම්කරුවන් සමග   ගල්අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවක දී  මේ බව ප්‍රකාශ වී තිබේ.

ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව සමාජය තුළ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති  බවත් එය නිරාකරණය කරගාන්නා තුරු ගල් අඟුරු සැපයුම අත්හිටුවන බවත් සැපයුම්කරුවන් දන්වා ඇතැයි අමාත්‍යාංශය කියයි.

දැනට ඇති දත්ත අනුව රට තුළ ගල් අඟුරු පවතින්නේ ඔක්තොම්බර් මස 25 වැනිදා තෙක් පමණි. ගල් අඟුරු ගැටලුව පිළිබඳව අප කළ විමසුමක දී    විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර ප්‍රකාශ කළේ අප ඉන්නේ අවදානම් තත්ත්වය බවය.

“ බලාගාර දෙකම දිව්වොත් ලබන ඔක්තොම්බර් 24 -25 වෙනකම් මේ තිබෙන ගල් අඟුරු ප්‍රමාණයෙන් අපට  දුවාගන්න පුලුවන් වේවි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඊට පස්සෙ අවශ්‍යවන ගල් අඟුරුවලට තමයි නව ඇනවුම ඉදිරිපත් කරන්න ඕන.  මෙට්‍රික් ටොන් මිලියන 4.4ක් සඳහා තමයි ඒ ඇනවුම ලබා දෙන්නේ.

ඇනවුමක්  ලබා දුන්නට පස්සේ මාස එක හමාරක්වත් අවශ්‍ය වෙනවා ඒ ඇනවුම සක්‍රීය වෙලා නැව් මගින් ගෙනත් අපේ ගබඩා තුළට ගල් අඟුරු එන්න.  ගබාඩාවල ගල් අඟුරු තිබුණොත් තමයි බලාගාරවල විදුලි ජනනය කරන්න පුලුවන් වෙන්නේ.

මේ තත්ත්වය තුළ ඇනවුම ප්‍රමාද වෙලා   මාස එක හමාරක කාලයකදි ගල් අඟුරු ගේන්න බැරිවුනොත්  ජාතික විදුලිබල පද්ධතියට මෙගාවෝට් 810ක් නැති වෙනවා. ප්‍රධාන සැපයුම් ධාරාව ගල් අඟුරුවලින් ලැබෙද්දි එය බිඳවැටෙනවා කියන්නෙ එය දරා ගන්න අමාරුයි. විශාල විදුලි කප්පාදුවක් එහි ප්‍රතිඵල වේවි.

සමහරවිට පැය 10කට වැඩි කාලයක්  විදුලි කප්පාදුවකට යන්න වේවි.

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර   කීවේය.

 

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට…

Next Post

ලහිරුට වීරසේකරට ඇප….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.