බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ඇතුළු යුද්ධයෙන් පසු අතුරුදහන් වීම් 10ක් ගැන විමර්ශන ඇරඹෙන හැටි ඇමති පාර්ලිමේන්තුවට කියයි!

by editor
ජූලි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නඩු විභාගය නවත්වා බහා තබා ඇති අපරාධ විමර්ශනයක්වන ලලිත් – කූගන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ සිද්ධිය යළි විමර්ශනය කිරීම අරඹා ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද (08) පාර්ලිමේන්තුවට පැවසුවේය.

තවද උතුරු නැගෙනහිර සිවිල් යුදමය තත්ත්වයන් අවසන් වූ පසු අතුරුදහන් වූ සිදුවීම් 04ක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් ද, සිදුවීම් 06ක් සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ද විමර්ශන සිදුකරනු ලබන බව ඇමතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

ලලිත් කුමාර් විරාජ් සහ කුගන් මුරුගානන්දන්ගේ අතුරුදහන්වීම සිදුවන්නේ 2011.12.09 වැනි දිනය. ඒ සම්බන්ධයෙන් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 669/ 2011 යටතේ 2011/12/12 දින ගරු අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. මෙම නඩුවට අදාලව අවස්ථා 17ක දී පොලිස් ස්ථානාධිපති අච්චුවේලි විසින් වැඩිදුර වාර්තා ඉදිරිපත් කර ඇති බවත් අවසන් වරට මෙම නඩුව 2014 /10/10 දින ගරු අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී නඩුව බහා තැබීමට අධිකරණය නියෝග කර ඇති බවත් මහ ජන ආරක්ෂක ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

සිද්ධිය සම්බන්ධව සිදුකළ පසුගිය විමර්ශනවලින් ප්‍රගතියක් අත්පත් කරගෙන නොමැතිවීම හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධව විමර්ශන කටයුතු කිරීම සඳහා 2025/06/03 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නියෝග සහ උපදෙස් ලබා දී ඇතැයි ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු පාර්ලිමේන්තුවට කීවේ ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ විමර්ශන විසින් 2025/06/03 දිනැතිව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු පළාත වෙත ලිපියක් යොමු කරමින් මෙම විමර්ශනයට අදාලව අච්චුවේලි පොලිස් ස්ථානය යාපනයේ පරාධ ස්ථාන පරීක්ෂණාගාරය හා යාපනයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයන්ට සිදුකළ විමර්ශනයන්ට අදාලව සියලු විමර්ශන සහ උදෘත ගොනු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දී තිබෙන බවය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඒ අනුව 2025/06/11 දින මෙම උදෘත ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇත. ඇමතිවරයාට අනුව මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර පවත්වාගෙන යනු ලබයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජ’පුර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය යළි රිමාන්ඩ්… ගෝලයො දෙන්නාට ඇප….

Next Post

කන්ටේනර් 323 – අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ආණ්ඩුව මේ තරම් ඇඹරෙන්නේ ඇයි?… පාර්ලිමේන්තුවේ දී අදත් නිරුත්තරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.