බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්ටේනර් 323 – අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ආණ්ඩුව මේ තරම් ඇඹරෙන්නේ ඇයි?… පාර්ලිමේන්තුවේ දී අදත් නිරුත්තරයි!

by editor
ජූලි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රතු ඛේතයෙන් සටහන් කළ බහාලුම් 323ක් අනීතිකව නිදහස් කිරීම සම්බන්ධව චෝදනාවලට පිලිතුරු දීම සඳහා එම නිල වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන තුරු සිටින ලෙස මුදල් නියෝජ්‍ය අමාත්‍ය අචාර්ය අනිල් ජයන්ත අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු එසේ කීවේ 27/2 යටතේ විපක්ෂ නායකවරයා මේ වාර්තාව සම්බන්ධව මතුකළ ප්‍රශ්න ගණනකට පිළිතුරු නොදී මගහරිමිනි.

විපක්ෂ නායකවරයා අසා සිටියේ මෙතෙක් මෙම වාර්තාව ප්‍රසිද්ධ නොකළේ ඇයි, වාර්තාව ජනතාවට බලා ගැනීමට ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි, රතු සහ කහ ලෙස වර්ගීකරණය කළ බහාලුම් අදාල ක්‍රියාවලියෙන් පිට නිදහස් කිරීමට විෂය භාර ඇමතිවරයාගෙන් හෝ රජයෙන් බලපෑමක් සිදුවුනා ද, බහාලුම්වල තිබු භාණ්ඩ මොනවාද? එම බහාලුම් ගෙන්වූ ආයතන මොනවා ද?,  බහාලුම් පැමිණි රටවල් මොනවා ද?රේගු පරීක්ෂාව මගහැර ගිය කන්ටේනර් සඳහා නිසි ලෙස රේගු බදු අරයන් තිබේ ද, එසේ වූ බවට සහතිකය කුමක් ද?, මෙම බහාලුම්වල මත්ද්‍රව්‍ය හෝ වෙනත් නිතී විරෝධී ද්‍රව්‍ය නොතිබුණ බවට විෂය භාර ඇමතිවරයා විසින් ලබා දුන් සහතිකය තව දුරටත් වලංගු ද, කමිටුව නිර්දේශ කර ඇති නිර්දේශ 12 අනුව ගත් ක්‍රියාමාර්ග මොනවා ද?, ඒ නිර්දේශ අනුව ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ ද, මේ සිදුවීමට දේශපාලන අධිකාරිය වගකිව යුතුනම් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? නැවත මෙවැනි සිදුවීම් වැලැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග කවරේ ද යන ප්‍රශ්න පෙළකි. මෙම ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා කීවේය.

විපක්ෂනායවරයා යළි මතු කළේ මින් ඉහත අවස්ථා 13ක දී මේ ආකාරයෙන්ම රතු සහ කහ ඛේතනය කළ බහාලුම් 2228ක් නිදහස් කර ඇති බවය. ඒවා අතර රතු ඛේතනය කළ කන්ටේනර් 999ක් සහ කහ ඛේතනය කළ කන්ටේනර් 1219ක් තිබුණු බව ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් මේ එක් ප්‍රශ්නයකටවත් පැහැදිලි පිළිතුරක් ලබා නුදුන් නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත කීවේ නිල වාර්තාව සභාගත කරනතුරු පිළිතුරු ලබා ගැනීම සඳහා ඉන්නා ලෙසය. එහෙත් විපක්ෂ නායකවරයා පුන පුනා ප්‍රශ්න කරද්දී නිල වාර්තාව සභාගත කරන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කිරීමට නියෝජ්‍ය මුදල් ඇමතිවරයා අසමත් වුනේය.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ඔහු කීවේ මෙවැන්නකි.

“අපේ ආණ්ඩුව පත් වෙලා ටික දවසකින් ඇති වූ කන්ටේනර් තබදය සම්බන්ධව රේගුව මැදිහත් වෙලා සාකච්ඡා කරල කතා බහ කරද්දි නිලධාරීන්ට නිදහස දීලා තියනවා ඒ තියන ක්‍රමවේද අනුව දාල වැඩ කටයුත්ත කරන්න. මේ විදිහට ඒ නිදහස් කිරීම අතීතයෙත් ඒ අවදානම් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියට අදාලයි කියන කතා බහක් ආවා”.

ඒ නිදහස අපි දීලා තියනවා.”

ඒ නිදහස් කිරීමේ කාලය ඇතුළෙ කන්ටෙන්ර් 323ක් එලියට ගියා. ඒ බහාලුම් නිදහස් වුනේ දේශපාලන මැදිහත්වීමකින් කියන අදහස ගියා. ඒ සිද්ධිය සිදුවූ වහාම 2025 ජනවාරි 30 මුදල් අමාත්‍යාංශ ලේකම් ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. නිලධාරීන් 05ක් ගෙන් යුතු. ඒ විමර්ශන වාර්තාවක් ලබා දීලා තියනවා. ඒ වාර්තාව නිල වශයෙන් භාර දීලා තියනවා.

මේ කිසිම සිදුවීමකට දේශපාලන මැදිහත්වීමක් නෑ. දැඩිව අවධාරණය කරනවා. ඒ වාර්තාවේ නිල වශයෙන් සාකච්ඡාවට බඳුන් නොවුනට දැන් එළියට ඇවිත් තියනවා. එම වාර්තාවට අන්තර්ගත වාර්තා ගණනාවක් තියනවා. අපට කිසිම ගැටලුවක් නෑ ඒක සභාගත කරන්න. අපටත් අවශ්‍ය එයයයි. . ජනාධිපතිත් ආණ්ඩුවත් මැදිහත් වෙලා ඉන්නේ ඒ සඳහා. අපි මේ වාර්තාව ලබා දෙන්නම්. සාකච්ඡා කරන්න පුලුවන්. මොකද වාර්තාවේ තිබෙන දේ ට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසිනුත් විමර්ශනයක් කරනවා. ”

නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත පවසද්දී විපක්ෂ නාකයවරයා ඔහුගෙන් විමසා සිටියේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී මග හරින්නේ කුමක් නිසාදැයි පැහැදිලි කරන ලෙසය.

විපක්ෂ නායකවරයා – ” ඔබතුමා අපහු ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැලකී සිටිනවා. දැන් මේ වාර්තාව ඉදිරිපත් කරලා ඉවරයි. ඒක ඔබතුමාලා කරන්න ඕන වැඩක් වුනාට මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා ඒක කළා. ඒ වාර්තාව මත ඇත්ත වශයෙන්ම කරුණු කාරණා ගනණාවක් ඉදිරිපත් කරනවා. ඇයි රජය පැත්තෙන් ඒක සභාගත කරන්නෙ නැත්තේ. සමාජය තුළ කතාබහක් තියනවා මේ ක්‍රියාවලිය පසුපස මහ මොළකරුවෙක් ඉන්නව ද? කියලා. රහුමාන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පසුයි මේක දැනගත්තේ ජනතාව. ඇයි ජනාධිපති කමිටුවේ වාර්තාව අද දවසේවත් ඉදිරිපත් කරන්නේ නැත්තේ.

අනිල් ජයන්ත නියෝජ්‍ය ඇමතිවරයා – කිසි මැලිවීමක්නෑ. නිල වශයෙන් ඉදිරිපත් කරනවා. මූලික සාරාංශය පිටු ගණනාවක් තියනවා. සියලු දේ වාර්තාවෙ තියනවා. සමස්ථ වාර්තාව ඉදිරිපත් කරනවා.

විපක්ෂ නායකවරයා – මේ කාරණාව පිළිබඳ චෝදනා කළේ දේශපාලකයො නෙමෙයි. රේගුවේ වෘත්තීය සමිති තමයි මේ චෝදනා ඉදිරිපත් කළේ. ඒ කියන්නේ වැඩ කරන ජනතාව. ඔවුන් තමයි දේශපාලකයින් මේ කාරණාව ඉදිරිපත් කරන්න පෙර මේ ගැන රටට කිව්වේ. ඇයි ඒ වාර්තාව අදවත් සභාගත කරන්නේ නැත්තේ.

අනිල් ජයන්ත මන්ත්‍රීවරයා දිනයක් වෙලාවක් නොපවසා වාර්තාව සභාගත කරන බව පමණක් යළිත් වරක් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ඇතුළු යුද්ධයෙන් පසු අතුරුදහන් වීම් 10ක් ගැන විමර්ශන ඇරඹෙන හැටි ඇමති පාර්ලිමේන්තුවට කියයි!

Next Post

සජිත්ටත් “පත්තුවෙන” ලකුණු… ඊයේ එළඹුන කැබිනට් තීරණ සියල්ල මෙන්න!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.