පළාත් පාලන මැතිවරණ නාම යෝජනා අවලංගු කර එම මැතිවරණයද අවලංගු කරන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්දේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක යොජනා කර තිබේ.
මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම සඳහා ඉකුත් අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවා තෝරාගත් අපේක්ෂකයෝ 80,672 දෙනාගේ නාම යෝජනා මේ අනුව අවලංගු වනු ඇතැයි වාර්තා වේ.
අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාද්‍ර (07) පාර්ලිමේන්තුවේදී රැස්වු රාජ්‍ය පරිපාලන, ස්දේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ඉදිරිපත් වූ මෙම යොජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයා විසින් යෝජනා කර තිබේ.
දැනට ලබා ගෙන ඇති නාමයෝජනා අවලංගු කර පළාත් පාලන මැතිවරණ අවලංගු කරන ලෙසට ගෙනා මෙම යෝජනාව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමේ දී කාරකසභා සාමාජිකයින් පෙන්වා දී ඇත්තේ ජන්දයක් නැති නිසා හදාගත් සංධානත් කැඩි ගොස් ඇති බැවින් සුදුසුම කටයුත්ත මැතිවරණය අවලංගු කිරිම බවය.
ඒ අනුව,පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙන ඒමට දේශපාලන පක්ෂ නියෝජිතයන් එහිදි තීන්දුවකට පැමිණ ඇති බවට වාර්තා වේ.