අද (12) අළුයම අඹේපුස්ස අලව්ව මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් ටිපර් රථයක මුහුණ මුහුණ ගැටීමෙන් එකම පවුලේ මව පියා සහ පුතා මරණයට පත් වී තිබේ.
අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථය සමග ගැටී මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ 40 හැවිරිදි පියා, 39 හැවිරිදි මව සහ 13 හැවිරිදි පුතා ය. මේ පුද්ගලයින් රඹුක්කන ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.
මේ වනවිට මළ සිරුරු වරකාපොළ රෝහලේ තැන්පත් කර ඇති අතර 39 හැවිරිදි ටිපර් රථ රියදුරා පොලිිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රියදුරන් දෙදෙනාගේම අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව පරීක්ෂණ පවත්වන වරකාපොල පොලිිසය පවසයි. ත්‍රී රෝද රථය වේගයෙන් පැමිණි ටිපර් රථයේ ගැටුණු පසු ගිිනි ගන්නා ආකාරය සීසිටීවී දර්ශනවලින් පෙනේ.
වරකාපොල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
අද දෙරණ සිදුවිමේ සීසිටීවී දර්ශන විකානශය තිබුණේ මෙසේය.