අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

60% ඉතිරියක් සමග    අක්කර දෙක හමාරකට විනාඩි 04 තෙල් ගහන්න තමන් හැදූ කෘෂිකාර්මික ඩ්‍රෝන යානාවත් අරන්  දිඹුලාගල පැමිණි තරුණයා…

by editor
ජූනි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වී වගාව සඳහා යොදන සියලුම කෘමි හා වල් නාශක 60% ක් ඉතිරි කරගනිමින්, කාලය, ධනය, ශ්‍රමය, අඩු කරගෙන කරගෙන ආරක්ෂාක කාරී ලෙස  අක්කර දෙකහමාරකට විනාඩි 4 ක කාලයකින් දියර ඉසීමට හැකි    ඩ්‍රෝන යානාවක් නිර්මාණය කළ තරුණයෙක් හමුවිය. ඔහු අපට හමුවන්නේ   පොලොන්නරුව මහවැලි බී කලාපය දිඹුලාගල දී සිය අත්හදාබැලීම් කටයුතු කරමින් සිටිය දී ය.

ඔහු නමින් සංකල්ප ද සිල්වාය.   සංකල්ප අංක 75 /01 හෙට්ටියාවත්ත ඇලපිටිවල, රාගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.
බඩ ඉරිඟු, පොල්, කජු, උක්, ඇතුළු අනෙකුත් බෝග වගාවන්ට වැළඳෙන සියලුම රෝග සඳහාද මෙම ඩ්‍රෝන යානාව උපයෝගී කරගනිමින් දිය‍ර ඉසීමට හැකිවන පරිදි ඔහුව විසින් මෙම නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

2015 වර්ෂයේ සිට විවිධ පර්යේෂණ මගින් නිර්මාණය කර ඇති මෙම කෘෂිකාර්මික ඩ්‍රෝන යානාවෙන්  මේ වන විට ශ්‍රී ලංකාව පුරා අක්කර නවසීයකට ආසන්න සංඛ්‍යාවකට අදාල කෘමිනාශක හා වල්නාශක ඉසිමින් ඔහු  ගොවියන්ට සේවාව ලබා දී ඇත.

වී වගාව සඳහා දියර ඉසින ගොවීන් සම්පූර්ණයෙන්ම මෙම කෘමිනාශක දියර වලින් ආරක්ෂා වන අතර ලංකාවේ විශාලතම ඩ්‍රෝන යානාව මේ වන බවද සංකල්ප ද සිල්වා  අප කළ විමසීමකදී සඳහන් කළේය,

මෙම ඩ්‍රෝන යානාව හරහා කෘමිනාශක හා වල් නාශක ඉසීමේදී ගොවි මහතුන්ට කාලය, ධනය, ශ්‍රමය, ඉතිරි වෙනවා සේම යොදන වල්නාශක හා කෘමිනාශක ද්‍රව්‍ය වලින් 60% ක ඉතිරි කරගැනීමේ හැකියාවද පවතින බව සංකල්ප ද සිල්වා පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වෙනවිට පොලොන්නරුව මහවැලි බී කලාපයේ දිඹුලාගල කොට්ටාසයේ මෙම ඩ්‍රෝන යානාව හරහා ගොවීන් කිහිපදෙනෙකු   කෘමිනාශක සහ වල්නාශක දියර ඉසීම ආරම්භ කර තිබීමද තවත් විශේෂත්වයකි.

කෘෂි කර්මාන්තයට මෙන්ම ගොවියාට වඩාත් වාසි, සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිත, කාලය, ධනය, ,ඉතිරි කරගත හැකි මෙම ඩ්‍රෝන යානාවේ නිර්මාණකරු වන සංකල්ප ද සිල්වා අප සමග මෙසේ අදහස් දැක්වූයේය.

“මේක කෘෂි කෘෂිකාර්මික ඩ්‍රෝන යානයක්, මේකේ විශේෂත්වය ලංකාවේ තමයි මේ සියලු පරීක්ෂණ කටයුතු කරලා නිර්මාණය නිමාවට පත් කළේ.  මේ නිර්මාණයේ හිමිකරු මමයි. මේක ලංකාවේ වගාවන්ට හොඳටම සුසර කරල තියෙන්නෙ.”

“මේ ඩ්‍රෝන යානාවෙන් වෙනත් ක්‍රමවලින් තෙල් ඉසිනවට වඩා සියයට හැටක් තෙල් ඉතිරි කරගැනීමේ හැකියාව තියෙනවා. මේක දීප ව්‍යාප්ත කරලා හදාගත්තොත් ලංකාවේ පොහොර භාවිතය සීයට පනහකින් අඩු කර ගැනීමටත් හැකියාව පවතිනවා. ඒව වගේම පොළොවට පතිත වන රසායනික ප්‍රමාණවත් ඒ වගේම අඩු වෙනවා. ඒ හරහා පිටරටට යන මුදල් රටේ ඉතිරි කරගන්නත් පුළුවන්. ගොවි මහ ත්වරුන් රසායනික ද්‍රව්‍යවලට නිරාවරණයව වීම සීයට සීයකින්ම මේකෙන් අඩු වෙනවා. “

“මේ ඩ්‍රෝන යානාවෙන්   දවසකට අක්කර පනහක, හැටක, ප්‍රමාණයකට තෙල් ඉසින්න පුළුවන්. දියර වර්ග ඉසිද්දි හැම තැනටම සමානව ඉසීමේ හැකියාවත් මෙයින් පවතිනවා. සාමාන්‍යයෙන් ශ්‍රමිකයන් යොදා පොහොර තෙල් ගහද්දි අත්හැරෙන ප්‍රමාණය වැඩියි. නමුත් මේ ඩ්‍රෝන යානාවෙන්  තෙල් ඉසිද්දි එහෙම වෙන්නෙ නෑ,”

“ඉතින් මම රජයෙන් ඉල්ලන්නේ පිටරටින් ගේන ඩ්‍රෝන යානා ප්‍රමාණය අඩු කරල මේ ලංකාවේ නිෂ්පාදනය කරන ඒවට මුල්තැන දෙන්න කියලා.   මේක දීප ව්‍යාප්ත කරන්න රජයෙන් සහයෝගය මම බලාපොරොත්තු වෙනවා, මම මේ වෙනකොට ඩිසයින් කරලා තියෙනවා එක් පුද්ගලයෙකුට නැගලා යාමට හැකිවන පරිදි ඩ්‍රෝන යානාවක්. “

“ඉතින් අපිට මූල්‍ය ණය පහසුකම් ලබා දෙනවානම් මේවා වැඩි දියුණු කරලා තව බොහෝ පිරිසකට රැකියා අවස්ථා ලබාදෙනවා වගේම ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කරගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් තරුණයන් මේ තාක්ෂණයත් සමඟ කෘෂිකර්මාන්තයට නැඹුරු වීමේ ප්‍රවණතාවක් වැඩි වෙනවා.”

සංකල්ප ද සිල්වා  සඳහන් කළේය,

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලබා දුන් නාම යෝජනා අවලංගු කර  පළාත් පාලන මැතිවරණයත් අවලංගු කිරීමට සූදානම්!

Next Post

ක්‍රියා කරවන්න දැනුම නැතිව කෝටි ගණන් වටිනා නවීණ තාක්ෂණික උපකරණ තොග රෝහල්වල ගොඩගැහිලා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.