ශ්‍රියානි විජේසිංහ –
වෘත්තිකයින්ට නිසි දැනුමක් ලබා නොදීම හේතුවෙන් මිලියන ගනන් වටිනා උපකරණ භාවිතයට නොගෙන රෝහල්වල ගොඩ ගසා ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
මෙසේ ගොඩගසා ඇති උපකරණ ප්‍රමාණය 20% – 30% අතර වන බවද සංගමෙය් සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
වෘත්තිකය්න්ට නිසි දැනුමක් ලබා නොදීම හේතුවන් රෝගීන්ට පරික්ෂ ණයක් කර ගැනීමට වසර ගණනාවක් පොරොත්තු ලේඛණවල රැදි සිටිම සිදුව අතැයිද හෙතෙම සදහන් කරයි..
මෙසේ රෝගී ජනතාව පෝලිම්වල රැදී සිටින කාලය වැඩිවන විට වෘත්තිකයින්ට දැනුම ලබා දෙනවා වෙනුවට කරනුයේ නැවතත් උපකරණ මිලදී ගැනීමක් යැයිද හෙතෙම පෙන්වාදේ.
අම්පාර , අවිස්සාවේල්ල, මාතලේ රෝහල්වල මිලියන ගණනක් වටින් වැඩකරන තත්ත්වයේ පවතින ප්‍රතිශක්ති විශ්ලේෂක යන්ත්‍ර (Immuno Analyzers) ගණනාවක් සහ කිලිනොච්චිය, කොස්ලන්ද , අම්පාර වැනි රෝහල් ගණනාවක ජීව රසායන විශ්ලේෂණ යන්ත්‍ර (Biochrmusty Analyzers) ඉවත දමා ඇති බව රවී කුමුදේශ් පෙන්වා දෙයි.
එසේම වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ICPMS MS නැමැති අති නවින ස්කන්ධ වර්ණාවලීක්ෂය කිසිදු පරික්ෂණයක් නොකර ඉවත දමා තිබෙන බවත් මෙම වර්ගයේම තවත් යන්ත්‍ර දෙකක් ළමා රෝහලට සහ ජාතික රෝහලට මිලදි ගෙන ඇති නමුත් වසරකට පරික්ෂණ දහයක්වත් සිදුනොකර බව හෙතෙම පෙන්වාදේ.