ලබන වසර මැද භාගය වනකෙත් කිසිම මැතිවරණයක් නොපවත්වන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
මේ වනවිට ලබන වසර මැද දී පැවැත්වීමට සැලසුම්වන ජනාධිපතිවරණයකට සූදානම් වන ලෙස වත්මන් ජානාධිපති රනිල් වික්‍රමසිංහ එජාප ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
එජාපය ප්රමුඛ පොදු සන්ධානයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන බව ඔහු විසින් පක්ෂයේ නායකයින්ට දැනුම් දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි..
එ් අනුව ජනාධිපතිවරණයට සූදානම් වීමේ මූලික පියවරක් ලෙස මෙවර මැයි දිනය ඉහළින් සැමරීමට සැලසුම් කර ඇතැයි එජාප ප්‍රකාශකයෙක් ලංකාසාරට පැවසීය.
මෙවර මැයි දිනය පොදු අපේක්ෂකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ පෙනී සිටීමට සූදානම් වී සිටින නිසා ඔහුට පක්ෂයේ වැඩ කටයුතුවලට ඍජුව සම්බන්ධ නොවන බව ද එම ප්‍රකාශකයා කීය.
රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඔහු සමග ජනාධිපතිවරණ මැතිරවරණ වේදිකාවට ගොඩවන බවට සමගි ජන බලවේගය, පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ කණ්ඩායම් එකඟ වී ඇති බවත් ඒ සම්බන්ධව සාකච්ඡා පවත්වා ඇති බවත් ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.