ලලිත් චාමින්ද –
ලක්විජය විදුලිබලාගාරයේ ඒකක 02 හා 03 සම්බන්ද බිදවැටිම් 14 ඉකුත් වර්ෂය (2021) තුළ සිදුවි ඇති අතර මේ හේතුවෙන් මෙගා වෝට් පැය 663,510ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වි ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ලක්විජය විදුලිබලාගාරයේ එකක 02 හා 03 ක්‍රියාත්මක කර වසර හතක් ගතවී ඇතත් එම බලාගාර සඳහා A මට්ටමේ නඩත්තු කටයුතු සිදුකර නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
A මට්ටමේ නඩත්තු කාල පරාසය වසර 4 සිට වසර 06 දක්වා විය යුතු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.