බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ ඇස් ඉදිරිපිට 170ක් විතර පටවගත්ත බෝට්ටුවක් මුහුද මැද්දෙදි ගිලුණා… මියන්මාර් සරණාගතයින් කියන බිහිසුණු කතාව..

by editor
දෙසැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ – 

  • බෝට්ටුව දවස් 11ක් විතර ආවට පස්සේ කෑම ඉවරයි කිව්වා… මාලු කකා ලුණු වතුර බිබී ආවෙ… බාගයක් ලෙඩ වුනා..

  • අපි හොරු නෙමෙයි… මියන්මාරයෙ ඉන්න බෑ… ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා ඉන්දුනීසියාවට යන්නයි ආවෙ… බෝට්ටුව මගදි කැඩුනා…

  • නාවික හමුදාව කෑම බීම දුන්නා. වෛද්‍ය ප්‍රතිකාර කළා… 

” අපිත් එක්ක තවත් මගීන් 170 ක් විතර පටව ගත්ත බෝටුවක් බංග්ලාදේශයේ සිට ඉන්දුනිසියාව බලා පිටත් වුනා. අපි මුහුද මැදට අවට පස්සේ දැක්කා ඒ බෝට්ටුව ගිලෙනවා. ඊට පස්සේ මොනා වුනාද දන්නේ නෑ. අපේ බෝට්ටුවේ අය ගමන පිටත් වුණා. ඒත් අතරමගදී අපේ බෝට්ටුවත් ක්‍රියා විරහිත වෙලා මහ මුහුදේ නතර වුණා. අපේ අය උදව් ඉල්ලන කොට තමයි ශ්‍රී  ලංකා නාවික හමුදාවේ අය ඇවිත් අපිව බේර ගත්තේ.”

මියන්මාරයේ සිට ඉන්දුනීසියාව දක්වා මියන්මාර් ජාතිකයින් 104 ක් ප්‍රවාහනය කරමින් තිබූ මගී  ප්‍රවාහන යාත්‍රාවක් එහි ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්වී, වෙත්තලකේනි ප්‍රදේශයට නාවික සැතපුම් 3.5 ක් පමණ උතුරු දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයට පාවෙමින් තිබියදී එහි සිටි මගීන් නිදහස් කර ගැනීමෙන් පසුව ඔවුන් මෙසේ කියා සිටියහ.

දවස් 11කින් පස්සෙ කෑම ඉවරයි කිව්වා..

” අපිව බේර ගත්ත නාවික හමුදාව අපිට බීම දුන්නා… පස්සේ කෑමත් දුන්නා. අපේ අය ගොඩාක් දෙනෙක් අසනීප තත්වයෙන් ඉන්නේ. අපි පිටත් වෙලා දින  එකොළහක් යන කල් බෝට්ටුවේ අය අපිට කෑම දුන්නා. පස්සේ කෑම ඉවරයි කිව්වා… “

“මාලු කකා මුහුදු වතුර බොමින් එන අතරතුර අපේ අය ලෙඩ වුණා. ඇඟ කසන්නට වුණා තුවාල බිබිලි හැදුණා ඒවා වන වෙලා තුවාල හැදුණා. හරීම අමාරුවෙන් තමයි අපි ආවේ.නාවික හමුදාවෙන් අපේ ඒ  ලෙඩ්ඩුන්ට බෙහෙත් ලබා දුන්නා. “

“අපි හොරු නෙමෙයි.. සංක්‍රමණිකයින් විදිහට අපි ඉන්දුනිසියාව බලා යමින් හිටියේ. අපිට  මියන්මාරයේ ඉන්න බැහැ. අපේ අය මීට පෙර දහස් ගනනක් වෙනත් රටවලට ගියා. අපිත් එහෙම යන්නයි උත්සහ කළේ. අපේ බලාපොරොත්තුව කොහොම හරි ඉන්දුනිසියාවට යන්නයි” ඔවුහු කීහ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

දරුවෙක් සහ වැඩිහිටියෙක් දැඩි ලෙස ගිලන් වෙයි

මේ අතර  අනතුරට පත් මියන්මාර් බෝට්ටුවේ සිටි මියන්මාර් ජාතිකයින් දෙදෙනෙකු දැඩි ලෙස රෝගී වීම හේතුවෙන් ඔවුන්ව ඊයේ 18 දා යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබිණි. 

මෙසේ රෝගී වී ඇත්තේ වයස අවුරුදු 41 ක පිරිමියෙකු හා  අවුරුදු  02ක  ළමයෙකුයි.

අධික කාලයක් මහ මුහුදේ කුසගින්නේ සිටීම නිසා මියන්මාර් බෝට්ටුවේ සිටි මගීන් 104 දෙනාගෙන් හරි අඩක් පමණ රෝගී වී සිටියහ.

කුසගින්නේ සිටි පොඩි උන්ට කෑම කටක්…

ඔවුන් අතරින්  බරපතල ලෙස රෝගී වූ හතර දෙනෙකු සිටින අතර රෝහල් ගත කොට ඇත්තේ ඉන් දෙදෙනෙකි.

මෙම මියන්මාර් ජාතිකයින්ට විවේකය හා නින්ද මෙන්ම පෝෂ්‍යදායී ආහාර ලැබිය යුතු බවට වෛද්‍යවර්  නිර්දේශ කොට ඇත.

බෝට්ටුවේ සිටි  රෝගීන්ගෙන් විශාල පිරිසකට නාවික හමුදාවේ වෛද්‍ය බලකායේ නිලධාරීන් විසින් මූලක ප්‍රතිකාර ලබා දී තිබිණි. 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලක්විජය බලාගාරය  ඒකක 02 -03  පසුගිය වසර තුළ 14 වරක් බිඳ වැටිලා… 

Next Post

හංවැල්ලේ ව්‍යාපාරිකයා ඝාතනය කරන බිහිසුණු ආකාරය සීසීටීවී දර්ශනය පෙළක….

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.