ඊයේ රාත්‍රියේ 10.10 පමණ හංවැල්ල හරස් පාර මුස්ලිම් පල්ලිය අසල ව්‍යාපාරික ස්ථානයක දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබිණි.
නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් 48 හැවිරිදි මොහොමඩ් ෆරුෂාන් නැමති ආපනශාලා හිමිකරුවෙකු බරපතල තුවාල ලබා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.
මිය ගිය පුද්ගලයා තිදරු පියෙකි. ඔහු ආපන ශාලාව වැසීමට සූදානම්වන අවස්ථාවේ දී මෙම වෙඩි තැබීම සිදුවී තිබිණි.
පොලීසිය පැවසුවේ වෙඩි තැබීම සඳහා යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බවය.
සිද්ධියට හේතුව මේ වනවිටත් හෙළිදරව් වී නැත. වැඩිදුර විමර්ශන හංවැල්ල පොලිසිය මගින් සිදු කරනු ලබයි.
ඒ බිහිසුණු ඝාතනය සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණේ මෙසේය.