අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය වැඩබිම්වලින් ඉවත් වී  වෘත්තීය ක්‍රියාමාර්ගයක…

හදිසි බිඳවැටීම්වල වගකීම සමස්ථ විදුලි සැපයුම අර්බුදයකට හෙලූ ලංවිම ඉහළ පාලන අධිකාරිය ගත යුතුයි...

by editor
ඔක්තෝබර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

රටේ විදුලි බල පද්ධතියේ නිරන්තර බිඳවැටීම් සිදුවෙමින්  දැනට පවතින විදුලි අර්බුදය තීව්‍ර වන්නේ රටේ ආර්ථික ප්‍රශ්නයක් නිසා නොව, ලංවිම ඉහළ පරිපාලනයේ අත්තනෝමතික මුග්ධ හැසිරීම නිසා බවත්,  පද්ධති කළමනාකරණය සඳහා අවධානය යොමු කර විදුලි සේවකයන්ගේත් පාරිභෝගිකයන්ගේත්  ජීවිත සහ විදුලි පද්ධියේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙසත්  බලකරමින්  ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ.

ලංකා විදුලිබල මන්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ .ජී .යූ නිශාන්ත

මේ සම්බන්ධව ඊයේ (07) ලංවිම පාලන අධිකාරිය සමග කළ සාකච්ඡාවලදී  ඉදිරිපත් වුන සාධනීය  කාරණා ක්‍රියාත්මකවීම මගැහැරීමේ උදච්ඡ හැසිරීමට විරෝධය පලකර තම සංගමය  ඊයේ (07) දින පෙරවරු 5 සිට  සති අන්තය අවධානම් රාජකාරිවලින් සහ  අන්තරාකාරී  රාජකාරි වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුන බව ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    සංගමයේ සභාපති  ඒ.ජී.යූ නිශාන්ත ලංකාසරට පැවසීය.

අයහපත් මූලය තත්තත්තවය කළමනාකරණය කිරීමට යැයි පවසිමින් විදුලි බලාගාර, සම්යේෂණ මාර්ග, අධි වෝල්ටීයතා  උපකරණ සහ බෙදාහැරීයම් පද්ධතියේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය නඩත්තතු කටයුතු මගහැරීම නිසා  එම බලාගාර හා පද්ධතිවල විදුලිය සමග ඉතා අවදානම් සහිත රාජකාරි කටයුතුවල යෙදීමට   සේවකයින්ට සිදුවී ඇති බවත් එම සේවකයන්ට අවශ්‍ය ආරක්ෂිත උපකරණ හා මෙවලම් නිසිලෙස  සැපයීමට නොහැකි වී ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.

මේ අවාසනාවන්ත තත්ත්වය තුළ ජීවිතවලින් වන්දි ගෙවන්නේ අහිංසක සේවකයින් බවද  සංගමය පෙන්වා දෙයි.  නඩත්තු කටයුතු නිසි පිරිදි සිදුනොවීම නිසා පාරිභෝගිකයන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බව ද සංගමය කියයි.

වියදම් සීමා කිරීම සඳහා විදුලි පද්ධතිය හා සේවක ජීවිත අනතුරේ හෙළන පාලන අධිකාරිය ගොඩනැගිලි අලංකරණයට, විදේශ සංචාරවලට, වාහන ගෙන්වීමට රාජ්‍ය චක්‍රලේඛ උල්ලංඝණය කර මූලික වැටුප මෙන් සියයට දෙසීය පනහක දීමනා ගෙවීමට වියදම් කරන බව පෙන්වා දෙයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ තත්ත්වය පැහැදිලි කර දුන්න ද ලංවිම පාලන අධිකාරිය ඒ සඳහා සාධනීය පිළියමක් නොගන්නා බව  ද සංගම කියයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    සංගමයේ සභාපති  ඒ.ජී.යූ නිශාන්ත මෙසේ පැවසීය.

“ පහුගිය කාලයේ දි ට්‍රාන්ස්ෆෝමර් පිපිරුනා.  නොරොච්චෝලේ බලාගාරය අවස්ථා ගණනක දි අක්‍රීය වෙලා,  කැලණිතිස්ස බලාගාරයෙ  ගැටලුව නිරාකරණය නොකිරීම හේතුවෙන් පද්ධති බිඳවැටුනා… “

“ක්ෂේත්‍රයෙ  විදුලි ජනනය සම්ප්‍රේක්ෂණය හා බෙදා හැරීම සම්බන්ධව ඉහළපෙළ නායකත්වය අරගෙන මහජනයාත් සේවකයත් අතර ඍජුව ගැටෙන කණ්ඩායමක්  ලෙස  විදුලි අධිකාරීවරුන්ට   තමයි මේ ප්‍රශ්නය තදින්ම බලපාන්නේ.“

“අපේ වගකීමක් තියනවා මේ පද්ධතිය අඛණන්ඩව නඩත්තු කරගෙන පද්ධතිය සේවකයා සහ මහජනයා ආරක්ෂිත තත්ත්වයක තබා ගැනීමට.“

එහෙත් අපට ඉහලින් ඉන්න පරිපාලනය  හරි උපදෙස් ලබා නොදීම සහ මේවට නොයෙකුත් නිර්ණායක දමමින් කරන බලපෑම නිසා පද්ධතිය එන්න එන්න අනතුරු දායක තත්ත්වයට යනවා.

ඒ නිසා තමයි  සෙනසුරාදා ඉරිදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස අප සේවයට වාර්තා නොකර ඉන්නේ.  නමුත් අත්‍යාවශ්‍ය සේවා සහ වාර සේවාවල නිරත අධිකාරීවරුන් රාජකාරි කරනවා.

ඒ අනුව  ලංකාව පුරා පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 250 තුළ  කාර්යාලවලින් වැඩබිම්වලින් අප  ඉවත් වෙලා ඉන්නේ. හදිසි බිඳවැටීම් නිසා මහාජනයාට සිදුවන පීඩාව  සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු ලංවිම පරිපාලනය භාරගත යුතුයි.  සභාපතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනාගත ලෝකයේ පෝෂණ අභියෝග ජයගත හැකි වල් පැලෑටියක් සේ අත්හළ විශ්මිත  එළවළුව!

Next Post

චීනය පාකිස්තානය හරහා මියන්මාරයට අවි විකුණන ජවාරමක

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.