සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අනාගත ලෝකයේ පෝෂණ අභියෝග ජයගත හැකි වල් පැලෑටියක් සේ අත්හළ විශ්මිත  එළවළුව!

by editor
ඔක්තෝබර් 8, 2022 - Updated on ඔක්තෝබර් 13, 2022
in ජීවිතය
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍යය පරීක්ෂක , දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව

Portulacaceae පවුලට අයත් Portulaca oleracea L’ ලෙස ද්‍යාත්මකව හඳුන්වනු ලබන,  ඉංග්‍රීසියෙන් purslane ලෙසත් පොදුවේ හඳුන්වනු ලබන ගෙඳ පැලෑටිය නොහොත් ගෙඳපළා, ලෝකය පුරා පුළුල් ව්‍යාප්තියක් සහිත ලවනතාවය සහ පෝෂක ඌනතා තත්වයන් වැනි බොහෝ අහිතකර තත්වයන්ට ද බෙහෙවින් අනුවර්තනය වූ පැලෑටියක් වෙයි. 

 purslane
ගෙඳ පැලෑටිය…

මාංශලමය පත්‍ර සහ කඳන් සහිත බිම දිගේ වැඩෙන ඒක වාර්ෂික ශාකයක් වන ගෙඳ යනු, වගා නොකර අත්හළ මෙන්ම, ක්ෂේත්‍ර භෝග වල ද බහුලව දක්නට ලැබෙන වල් පැළෑටියක් වෙයි.  විවිධ නම් වලින් හඳුන්වනු ලබන ප්‍රෙභ්ද රාශියක් ලොව විවිධ රටවල්වල වර්ධනය වන අතර, මෙම පැලෑටියේ නොමේරු කඳ, පත්‍ර සහ මල් ආහාරයට ගත හැකිය.

හරිත එළවළුවක් ලෙස ගෙඳ පැලෑටියට මධ්‍යම යුරෝපයේ, ආසියාවේ සහ මධ්‍යධරණී  කලාපයේ රටවල්වල පුළුල් පිළිගැනීමක් කලකට පෙර තිබී ඇත. ගෙඳ මැල්ලුම්, ව්‍යාංජන, සලාද, සුප්, අචිචාරු ලෙස තනිවම හෝ වෙනත් එළවළු සමග මිශ්‍රව භාවිත කර ඇති අතර, වඩා ජනප්‍රිය නොවුනත් තවමත් ඉඳහිට ආහාරයට ගනු ලබයි.

ගෙඳ පැලටිය ආහාරයක් වූ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ඇතැම් ගෘහණියෝ  ගෙඳපළා මැල්ළුමක් විදියටත්, පරිප්පු හෝ කොස් ඇට සමගත් ඉතා රසවත් වෑංජනයක් ලෙස සකස් කර ගනිති.

ගෙඳ පැලෑටිය රෝම අධිරාජ්යයේ සුලභ එළවළුවක් වූ බවට ශාක්ෂි තිබේ. ගෙඳ පැළෑටියේ සම්භවය නිශ්චිත නැතත් මෙම ශාකයේ පැවැත්ම පිළිබඳ තොරතුරු වසර 4,000 කට පමණ පෙර සිට ද වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගෙඳ පැලෑටියේ සාරවත් කඳන් සහ මාංසලමය කොළ පිළිබිඹු කරන්නේ එය, මැද පෙරදිග සහ ඉන්දියාවේ කාන්තාර දේශගුණික තත්ත්වයන්ට අනුවර්තනය වී එම කළාපයේ සම්භවය වන්නට ඇති පැලෑටියක් බවය.

පිළිස්සීම්, හිසරදය, සහ බඩවැලේ, අක්මාව, ආමාශය, කැස්ස, ස්වශනාබාධ, ආතරයිටිස් ආශ්රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා බොහෝ රටවල  සම්ප්‍රදායික  වෛද්‍ය ද්‍යාව තුළ ඖෂධයක් ලෙසද ගෙඳ භාවිතා කර ඇත.

 purslane
ගෙඳ රසවත් කෑමකි…

අසම සම පෝෂණ ගුණය.

ගෙඳපළා අප වගා කරනු  ලබන ප්‍රධාන සහ ජනප්‍රිය එළවළු වර්ගවලට වඩා ඉහළ පෝෂණ සහ ඖෂධීය ගුණයක් ඇති බලසම්පන්න එළවළුවක් බව මෑත කාලීන පර්යේෂණ මගින් පෙන්නුම් කර ඇත. විවිධ ඖෂධීය සහ පෝෂණ ගුණ සඳහා හේතුවන ෆ්ලේවනොයිඩ්, ඇල්කලෝයිඩ්, පොලිසැකරයිඩ, මේද අම්ල, ටර්පෙනොයිඩ්, ස්ටෙරෝල්, ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ වැනි විවිධ සංයෝග වලින් ගෙඳ පොහොසත් බවට සොයා ගෙන තිබේ.

ගෙඳ පළාවල ආහාරමය තන්තු යහමින් තිබෙන අතර, ඒ අනුව එය ආහාර මාර්ග පද්ධතියේ නිරෝගී පැවැත්ම තහවුරු කරයි.  කොළ පැහැති එළවළු අතරින් විටමින්  ඒ හි ඉහළම අන්තර්ගතයක් ගෙඳවල අඩංගු වේ. එහි විටමින් සී සහ රයිබොෆ්ලැවින්, නියාසින් සහ පිරිඩොක්සීන් වැනි බී කාණ්ඩයේ විටමින් ද අඩංගු වේ. තවත් වටිනාම විටමින් වර්ගයක්වන විටිමින් ඊ ද ගෙඳවල යහමින් තිබෙන අතර පොටෑසියම්  මැග්නීසියම් , කැල්සියම්, පොස්පරස්, සහ යකඩ වැනි ඉතා වටිනා ආහාරමය ඛනිජ ද යහමින් සපයයි. ඒ අනුව මෙය ඉතාමත් පෝෂණීය ආහාරයක් බවට පැහැදිළි වෙයි.

අරුම පුදුම විටමින් සුසංයෝගය

අප ආහාරයට ගනු ලබන බොහෝ ජනප්‍රිය එළවළු  වර්ගවල තිබෙන පෝෂණ සංයුතීන්ට සාපේක්ෂව ගෙඳ පලාවල විටමින් ඊ ප්‍රභේදයක්වන ඇල්ෆා-ටොකෝෆෙරෝල්, ඇස්කෝර්බික් අම්ලය (විටමින් සී) සහ විටමින් ඒ ප්‍රභේදයක් වන බීටා-කැරොටින් වැඩි ප්‍රමාණයක් තිබෙන බවට සොයාගෙන තිබේ. ගෙඳපලා පෝෂණවේදීන්ගේ සුවිශේෂී අවධානය දිනා ගන්නට  තවත්   හේතුවක් වන්නේ පෙර කී විටමින් වර්ග තුනම යහමින් අන්තර්ගතවන ආහාර වර්ග ඉතාමත් දුර්ලභ වන බැවිනි.

ශාකමය ආහාරවල හමුවන විටමින් ඒ විටමින් ඊ සහ විටමින් සී යනු හුදෙක් විටමින් වර්ග පමණක් නොවන අතර, ඒවායේ ප්‍රධාන කාර්යභාරයක් ලෙස මානව නීරෝගී සෛලවලට හානි කළ හැකි  “නිදහස් මුක්ත ඛණ්ඩක” උදාසීන කරන ප්‍රතිඔක්සිකාරකයන් ලෙස ක්‍රියා කිරීමෙ හැකියාව ද්‍යාඥයින් හඳුනාගෙන ඇත.

මෙකී විටමින් වර්ග සතු ප්‍රතිඔක්සිකාරක හැකියාව නිසාවෙන් අපගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කෙරෙන අතර, හෘද ධමනිවල කැටි ගැසීම් ඇතිවීම වලක්වයි.

ධමනි අවහිර කෙරෙන ධමනි සිහින් වීමේ මුල් අවධියේදී නිදහස් මුක්ත ඛණ්ඩකවලින් කෙරෙන හානිය සම්බන්ධ වන බවත්, එය හෘදයාබාධ පිළිකා, පෙනීම නැතිවීම සහ තවත් බොහෝ අයහපත් තත්ත්වයන්වලට දායක විය හැකි බවත් විද්‍යාඥයන් ප්‍රකාශ කරයි. පෙර කී විටමින් වර්ග නිදහස් මුක්ත ඛණ්ඩක ප්‍රහාරවලින් සෛල ආරක්ෂා කිරීමට මෙන්ම, යම් යම් අවස්ථා වලදී මුක්ත ඛණ්ඩක නිෂ්පාදනය අඩු කිරීමටද දායක වන බව සොයාගෙන ඇත.

ගෙඳ ඔමේගා -3 වලින් පිරිපුන් එළවළුවකි…

දුර්ලබ, වටිනා මේද අමිලවලින් ඉතා පොහොසත් එළවළුවකි .

ගෙඳ යනු සෞඛය ප්‍රතිලාභ රාශියකටම වගකියන ඇල්ෆා-ලිනොලනික් අම්ලය (Alpha-linolenic acid) සඳහා ඉතා හොඳ ප්‍රභවයකි. ඇල්ෆා-ලිනොලනික් යනු ඔමේගා-3 මේද අම්ලයක් වන අතර, ඔමේගා-3 මේද අම්ල මිනිස් වර්ධනයට, සංවර්ධනයට,  හෘද වාහිනී රෝග වැළැක්වීමට සහ සෞඛ්‍යය සම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීමට අවශ්‍ය වන බහු අසංතෘප්ත මේද අම්ල සමූහයකට අයත් වේ.

අපගේ ශරීරය ඔමේගා-3 මේද අම්ල සංස්ලේෂණය නොකරයි. එබැවින් මෙම මේද අම්ල ආහාර ප්‍රභවයකින්ම ලබා ගත යුතුය. ඔමේගා-3 මේද අම්ලවල පොහොසත්ම ප්‍රභවය වන්නේ මාළු ය. අනෙකුත් ආහාරමය ප්‍රභවයන් සීමිත වන අතර, ඒවායින් ඔමේගා-3 මේද අම්ල සැලකිය යුතු ප්‍රමාණයක් සැපයෙන්නේ නැති නිසා අපගේ ශරීරවලට අවැසි මෙම මේද අම්ල අවශ්‍යතා සපුරාගැනීම සඳහා නිතිපතා මාළු පරිභෝජනය කරන ලෙස සෞඛ්‍යය බලධාරීන් බොහෝවිට නිර්දේශ කරයි.

නිර්මාංශිකයින්ට සාමාන්‍ය ජනතාවට වඩා වැඩිපුර ඔමේගා 3 මේද අම්ල අවශ්‍ය වන්නේ ඔවුන්ට ඩීඑච්ඒ (DHA) වැනි විශේෂයෙන් මොළයේ සුවසම්පන්න ක්‍රියාකාරිත්වය තහවුරු කිරීමට ඉවහල්වන ඔමේගා මේද අමිල සීමා සහිතව ලැබීම නිසා ය.

ඇල්ෆා ලිනලොයික් අම්ලය අක්මාවේදී යම් තරමකට ඩීඑච්ඒ බවට පරිවර්ථනය වන බව සොයා ගෙන ඇත.     අත්‍යාවශ්‍ය ඔමේගා-3 මේද අම්ලයක් වන ඇල්ෆා-ලිනොලනික් අම්ලයේ පොහොසත්ම එළවළු ප්‍රභවය ලෙස ගෙඳපළා මෑතකදී හඳුනාගෙන තිබේ.

මෙයට අමතරව වෙනත් ඔමේගා 3 මේද අම්ල ද මෙහි අන්තර්ගත වෙයි. එහි නැවුම් ගෙඳ කොළ ග්රෑම් 100 ක ඇල්ෆාලිනොලනික් අම්ලය 300-400 mg ක් වැනි ඉහළ ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඔමේගා 3 මේද අම්ලය සඳහා ජනප්‍රියම එළවළුව වන්නේ නිවිති ය. නමුත් ගෙඳ පලාවල නිවිති වලට වඩා පස් ගුණයකින් ඔමේගා-3 මේද අම්ල අඩංගු වන බව පෙන්වා දී තිබේ.

ඔමේගා-3 මේද අම්ල සඳහා ශාඛමය ආහාර ප්‍රභවයන් දුර්ලභ නිසා ගෙඳ වගා කරනු ලබන නවතම එළවළුවක් ලෙස හඳුන්වා දීමට ලොව පුරා කෘෂි ද්‍යාඥයින්ගේ සහ පෝෂණ ද්‍යාඥයින්ගේ උනන්දුව වර්ධනය වී ඇත.

 purslane
ගෙඳ හොඳ එළවළුවක්….

දුර්ලභ අරුම පුදුම ප්‍රතිඔක්සිකාරකයක් වන
ග්ලූටතයොන් (Glutathione) වැඩිම එළවළුව.

ග්ලූටතයොන් යනු  අපගේ සෛල තුළ නිපදවන ප්‍රතිඔක්සිකාරකයකි. එය අපගේ ශරීරය නිදහස් මුක්ත ඛණ්ඩක ප්‍රහාරවලින් අපව ගළවා ගනී. නිදහස් මුක්ත කණ්ඩක (Free radicals) ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව දුර්වල වූ විට ඔක්සිකාරක ආතතිය ඇති වෙයි.

අධික ඔක්සිකාරක ආතතිය හෘදයාබාධ, දියවැඩියාව, පිළිකා, අකලට වියපත්වීම, සම දුර්වර්ණ්වීම, සහ රූමැටොයිඩ් ආතරයිටිස් වැනි බොහෝ රෝග සඳහා හේතු විය හැකිය.

ග්ලූටතයෝන් ඔක්සිකාරක ආතතියේ බලපෑම වළක්වා ගැනීමට උපකාරී වන අතර, එමඟින් එකී රෝග අවදානම අඩු කර ගත හැකි බවට විද්‍යාඥයෝ තහවුරු කරති. මෙයට අමතරව, ග්ලූටතයොන් ශරීරය තුළ යහමින් පැවතීම , ඇල්කොහොලීය සහ ඇල්කොහොලීය නොවන අක්මා මේද අම්ල නිසාවෙන් සිදුවන අක්මා හානිය වළක්වා ගැනීම සඳහා , දියවැඩියා රෝගය වලක්වා ගැනීම සඳහා, තරබාරුව පාලනයකර ගැනීම සඳහා, අකලට වියපත්වීම පාලනය කිරීම සඳහා, සම රැළි වැටීම සහ දුර්වර්ණවීම පාලනය කර ගැනීම සඳහා, ස්නායූ සහ ස්වශනාබාධ වළක්වා ගැනීම සහ පාලනය කර ගැනීම සඳහා මෙන්ම, නහර ගැට ගැසීම වළක්වා ගැනීම සඳහා ද ඉවහල් විය හැකි බව ද්‍යාත්මක පර්යේෂණ මගින් අවධාරණය කෙරී  තිබේ.

මෙකී හේතු නිසා විශේෂයෙන් මෙහි තිබෙන රෑපලාවන්‍ය ඉල්ලුම නිසා, මේවන විට ග්ලූටතයොන් බාහිරින් ලබා ගැනීමට ද ඇතැමි අය පෙළඹී තිබෙන අතර, එම ඖෂධ මිළ අධික නිසාවෙන් සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇත.

දුර්වල පෝෂණය, පාරිසරික විෂ ද්‍රව්‍ය වයස්ගතවීම සහ ආතතිය ඇතුළු සාධක ගණනාවක් මගින් ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම අඩු විය හැකිය. ග්ලූටතයොන් අපගේ ශරීර තුළම නිෂ්පාදනය කෙරෙන ප්‍රතිඔක්සිකාරකයක් වුවද ඇතැම් ආහාර කිහිපයක පමණක් ග්ලූටතයොන් අන්තර්ගත වන බවට සොයා ගෙන ඇත.

ග්ලූටතයොන් වැඩියෙන්ම අන්තර්ගත වන එළවළුව ලෙස මෙතෙක් වාර්තා තබාගෙන සිටියේ නිවිති වුව ද, නවතම සොයා ගැනීම්වලට අනුව ගෙඳපළාවල නිවිතිවලටත් වඩා වැඩියෙන් ග්ලූටතයොන් අඩංගු වේ. ඊට අමතරව බණ්ඩක්කා අලිගැටපේර හාතාවාරිය වැනි ආහාර වර්ගවලද ග්ලූටතයොන් යමේ තරමකට අඩංගු වේ.‍

purslane
Glutathione අඩංගු එළවළුව…

ආහාරයට ගැනීමේදී සැලකිළිමත් විය යුතු කරුණු.

කෙසේ වෙතත් ගෙඳපලා ආහාරයට ගැනීමේදී විශේෂ අවධානය යොමු කළ යුතු අවස්ථාවන් ද තිබේ. ඒ, මෙම පැලෑටිය සතුව අන් පැලෑටිවලට සාපේක්ෂව වඩා කාර්යක්ෂමව පසෙන් සහ දූෂිත ජලයෙන් වස විස අවශෝෂණය කර ගැනීමට තිබෙන හැකියාවය  (Phytoremediation) .

මේ හැකියාව නිසා රසායනික ද්‍රව්‍ය සහ බැර ලෝහවලින් දූෂිත බිමක, ගෘහස්ථ සහ කාර්මික අපජලය බැහැර කෙරෙන බිම්වල ද මෙම පැලෑටිය ඉතා සරුවට වැඩෙනු ඇත. විශේෂයෙන් කෘෂි රසායනික ද්‍රව්‍ය යහමින් භාවිත කොට වගා කටයුතු සිදු කරන වගා බ්ම්වල සහ පුරන් වූ වගා බිම්වල මෙම පැලෑටිය ඉතා සරුවට වැඩී තිබෙනු දකින්නට පිළිවන.

මෙවැනි ස්ථානවල වැවෙන ගෙඳ ආහාරයට ගැනීම සුදුසු නොවේ. (අප සුලභව ආහාරයට ගනු ලබන බඩ ඉරිඟු, අබ, සලාද, සූරියකාන්ත යන ශාක වර්ගද වස විස අන් ශාකවලට වලට වඩා වේගයෙන් අවශෝෂණය කර ගනී.)

ගෙඳ පළාවල සැලකිය යුතු මට්ටමක ඔක්සලික් අම්ලය (Oxalic acid) අඩංගුවන බැවින් විශේෂයෙන් මුත්‍රාශයේ ගල් ඇති සහ ඒ සඳහා අවදානමක් තිබෙන පුද්ගලයින් මෙය ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතුය.

ගෙඳවල නිවිතිවල අඩංගුවන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ඔක්සලේට අඩංගු වෙයි. එනමුත් ඉහත කී රෝගීන්ට හැර සාමාන්‍ය ජනතාවට නිවිති ආහාරයට ගැනීම පෝෂණ ද්‍යාඥයින් අධෛර්යමත් කරන්නේ නැත. එයට හේතුව වන්නේ නිවිති වටිනා පෝෂණීය ආහාරයක් වන බැවිනි.

purslane
ගෙඳ සලාදයක්….

එබැවින් නිවිතිවලටත් වඩා වැඩි පෝෂණීය ආහාරයක් වන ගෙඳපලා ආහාරයට ගැනීම ඉහත රෝගීන් හැර අන් අයගේ සෞඛ්‍යය ප්‍රතිලාභ රාශියකට හේතු වනු නොඅනුමානය.

ගෙඳපළා වල තිබෙන මෙකී නොකී සුවිශේෂී පෝෂණීය සහ ඖෂධීය ගුණ සමුදාය නිසාවෙන් අනාගතයේදී වගා බිමිවල වගා කළ යුතු සහ සුපිරි ආහාරයක් ලෙසට ජනප්‍රිය කළ යුතු එලවළුවක් ලෙසටත්, ප්‍රයෝජනවත් රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් ලෙසත් භාවිතයට ගත හැකි පැළෑටියක් ලෙස  ගෙඳ පැලෑටිය ද්‍යාඥයින්ගේ අවධානය දිනා ගෙන ඇත.

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3934766/

–

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉරාන විරෝධතා ඇෆ්ගනිස්තානයටත්

Next Post

ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය වැඩබිම්වලින් ඉවත් වී  වෘත්තීය ක්‍රියාමාර්ගයක…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.