දිනසේන රතුගමගේ
යාපනයේ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක විශාල නාගයෙකු සිටීමත් සමගම මගීන් බසයෙන් බැස දුවන්නට පටන් ගෙන තිබේ.
මෙම බස් රථය උදෑසන යාපනයෙන් පිටත් වී පැය එකහමාරක් පමණ ගත වන තුරුත් කිසිවෙක් නාගයා දැක නොමැත.
කිලිනොච්චියට ආසන්නයේදී බසයට නැගුණු කාන්තාවක් බස් රථය තුළ නාගයෙකු සිටින බව දැක කෑ ගැසීමෙන් පසුව බස් රථය නතරකර ඇත.
නාගයා දුටු සැනින් බස් රථයේ සිටි පිරිස බසයෙන් බැස දුවන්නට පටන් ගෙන තිබේ.
බසයේ සිටි තරුණයින් කීප දෙනෙකු මුගුරක් ගෙන නාගයාව බස් රථයෙන් එළියට ඇද දැමීමෙන් පසුව බස් රථය ආපසු වවුනියාව බලා ගමන් ආරම්භ කොට ඇත.
බසයේ නාගයෙකු සිටිනු නොදැක බස් රථය මගීන් සමග ධාවනය කළ රියදුරුට හා කොන්දොස්තරට එරෙහිව මගීන් පමිණිලි කිරීමෙන් පසුව උතුරු පළාත් ගමනා ගමන මණ්ඩලය විසින් විනය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.