අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාජ ගුවන් විදුලි නාලිකාවක නමක්   මන්නාරමේ රියැලිටි තරගයක් සංවිධානය කළ පිරිසක් කෝටි 05ක් එකතු කරන් අතුරුදහන්!

සුපරි තරු වෙන්න ගිය උතුරු නැගෙනහිර තරුණ පිරිස් පෝලිමේ ගොස්  පොලිසියට පැමිණිලි කරති...

by editor
අගෝස්තු 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ව්‍යාජ ගුවන් විදුලි නාලිකාවක නමක් යොදා ගනිමින් මන්නාරමේ සිට රියැලිටි ගීත තරගයක් පැවැත් වූ පිරිසක් රුපියල් කෝටි පහක පමණ මුදලක් වංචා කරගෙන පලා ගොස් තිබේ.

මන්නාරම ඇතුළු උතුරු පළාතේ තරුණ තරුණියන්ට මෙම රියැලිටි වැඩසටහනේ සුපිරි තරුවක් වීමට වරමක් ලබා දෙන බවත් එහිදී  අවසන් වටයට තේරෙන දස දෙනාට රුපියල් ලක්ෂ ගණනක ත්‍යාග ලබා දෙන බවත් කියමින් මෙම තරගය සංවිධානය කොට තිබේ.

තරගයයට සහභාගී වීමට කැමති අයට රුපියල් 17500 ක මුදලක්  සංවිධායකයින්  සපයා ඇති බැංකු ගිණුමට බැර කරණ ලෙස කළ ලෙස දන්වා ඇත.

එම දැණුම් දීමකට අනුව වවුනියාව මන්නාරම මුලතිව් කිලිනොච්චිය  යාපනය ඇතුළු ශ්‍රී ලංකාවේ බොහෝ   පළාත්වල තරුණ තරුණියන් 5000  කට වඩා වැඩි පිරිසක් මෙම තරගයට ඇතුළත් වී තිබේ.

පලමු වටයේ තරග කීපයක් ෆේස්බුක් පිටුවක් ඔස්සේ ප්‍රචාරය කොට ඇති අතර දෙවන වටයේ තරගවලට සහභාගී  වන අයට රුපියල් 25000 ක ඇතුළත් වීමේ ගාස්තුවක්  සංවිධායකයින් විසින් නියම කොට ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ත්‍රිකුණාමලයේ තරුණියක් රුපියල් ලක්ෂයකට බස් රථයක් කුලියට ගෙන  රුපියල් 25000 ක් ඇතුළැත්වීමේ ගාස්තු වශයෙන් ගෙවා  මෙම තරගයට ගීත ගායනා  කිරීමට පැමිණ  බලාපොරොත්තු සුන් කර ගෙන පොලීසියට පැමිණිල්ලක් දමා ආපසු ත්‍රිකුණාමළයට ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් මන්නාරම හා තවත් පොලීසි ගණනාවකට පැමිණිලි රාශියක්ම ලැබී ඇතත් මේ දක්වා එම ව්‍යාජ රියැලිටි තරග සංවිධායකයන් අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.

දෙවන වටයේ අවසාන තරගය නැරඹීමට මන්නාරමේ අදාල ස්ථානයට 1000 ක් පමණ  දෙනා පැමිණියත් සංවිධායකයින් පැමිණ නැති අතර ඔවුන්ගේ දුරකතනද විසන්ධි කොට තිබුණු බව මන්නාරමේ ජනතාව ප්‍රකාශ කළහ.

මේ සිද්ධිය නිසා මෙම රියැලිටි තරග සංවිධායකයින්  හොර ජාවාරම්කරුවන් පිරිසක් බව වැටහීමෙන් පසුව ඔවුන්  මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට තිබේ.

එම තරග නැරඹීමට පැමිණි අයට එක් ටිකට් පතක් රුපියල් 1000 බැගින් අලෙවි කොට තිබේ.

රුපියල් කෝටි පහක පමණ මුදලක් එකතු කරගත් මෙම රියැලිටි තරග  සංවිධායකන්  මන්නාරමෙන් පලා ගොස් තිබේ  ඇතැයි පොලිසිය කියයි.

පොලිස් විමර්ශන ආරම්බ වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංගම බස් රථයක නාගයෙක්… බස් රථයෙන් බැස මිනිස්සු දුවති… රියදුරුට සහ කොන්දොස්තරට විනය පරීක්ෂණයක්!

Next Post

උඩවලව මහා විද්‍යාල භූමියේ ගස් කපා දැමීම ගැන සියලු අංශ දැනුම්වත් කළා – ආදි ශිෂ්‍ය සංගමය

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.