දිනසේන රතුගමගේ –
ව්‍යාජ ගුවන් විදුලි නාලිකාවක නමක් යොදා ගනිමින් මන්නාරමේ සිට රියැලිටි ගීත තරගයක් පැවැත් වූ පිරිසක් රුපියල් කෝටි පහක පමණ මුදලක් වංචා කරගෙන පලා ගොස් තිබේ.
මන්නාරම ඇතුළු උතුරු පළාතේ තරුණ තරුණියන්ට මෙම රියැලිටි වැඩසටහනේ සුපිරි තරුවක් වීමට වරමක් ලබා දෙන බවත් එහිදී අවසන් වටයට තේරෙන දස දෙනාට රුපියල් ලක්ෂ ගණනක ත්‍යාග ලබා දෙන බවත් කියමින් මෙම තරගය සංවිධානය කොට තිබේ.
තරගයයට සහභාගී වීමට කැමති අයට රුපියල් 17500 ක මුදලක් සංවිධායකයින් සපයා ඇති බැංකු ගිණුමට බැර කරණ ලෙස කළ ලෙස දන්වා ඇත.
එම දැණුම් දීමකට අනුව වවුනියාව මන්නාරම මුලතිව් කිලිනොච්චිය යාපනය ඇතුළු ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල තරුණ තරුණියන් 5000 කට වඩා වැඩි පිරිසක් මෙම තරගයට ඇතුළත් වී තිබේ.
පලමු වටයේ තරග කීපයක් ෆේස්බුක් පිටුවක් ඔස්සේ ප්‍රචාරය කොට ඇති අතර දෙවන වටයේ තරගවලට සහභාගී වන අයට රුපියල් 25000 ක ඇතුළත් වීමේ ගාස්තුවක් සංවිධායකයින් විසින් නියම කොට ඇත.
ත්‍රිකුණාමලයේ තරුණියක් රුපියල් ලක්ෂයකට බස් රථයක් කුලියට ගෙන රුපියල් 25000 ක් ඇතුළැත්වීමේ ගාස්තු වශයෙන් ගෙවා මෙම තරගයට ගීත ගායනා කිරීමට පැමිණ බලාපොරොත්තු සුන් කර ගෙන පොලීසියට පැමිණිල්ලක් දමා ආපසු ත්‍රිකුණාමළයට ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් මන්නාරම හා තවත් පොලීසි ගණනාවකට පැමිණිලි රාශියක්ම ලැබී ඇතත් මේ දක්වා එම ව්‍යාජ රියැලිටි තරග සංවිධායකයන් අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
දෙවන වටයේ අවසාන තරගය නැරඹීමට මන්නාරමේ අදාල ස්ථානයට 1000 ක් පමණ දෙනා පැමිණියත් සංවිධායකයින් පැමිණ නැති අතර ඔවුන්ගේ දුරකතනද විසන්ධි කොට තිබුණු බව මන්නාරමේ ජනතාව ප්‍රකාශ කළහ.
මේ සිද්ධිය නිසා මෙම රියැලිටි තරග සංවිධායකයින් හොර ජාවාරම්කරුවන් පිරිසක් බව වැටහීමෙන් පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට තිබේ.
එම තරග නැරඹීමට පැමිණි අයට එක් ටිකට් පතක් රුපියල් 1000 බැගින් අලෙවි කොට තිබේ.
රුපියල් කෝටි පහක පමණ මුදලක් එකතු කරගත් මෙම රියැලිටි තරග සංවිධායකන් මන්නාරමෙන් පලා ගොස් තිබේ ඇතැයි පොලිසිය කියයි.
පොලිස් විමර්ශන ආරම්බ වී තිබේ.