ආන්දෝලනයට ලක් වී ඇති උඩවලව මහා විද්‍යාල පරිශ්‍රයේ ගස් කපා දැමීම පිළිබඳ ජනාධිපති, අගමැති, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, සබරගමු පළාත් ආණ්ඩුකාර, සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්, සබරගමු පළාත් කලාප අධ්යක්ෂ, සබරගමු පළාත් කොට්ඨාස අධ්යක්ෂ, මධ්‍යම පළාත් අධිකාරිය, ජනාධිපති විමර්ශන කොමිසම, මහවැලි අධිකාරිය වැනි අංශ සඳහා මේ සම්බන්ධව ලිඛිත දැන්වීමක් කර ඇති බව උඩවලව මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ජනක මංගල සභාපතිවරයා කීවේය.
අක්කර 10ක පමණ පාසල් භූමියේ මේ වන විට පාසල් භූමියේ ගස් 9ක් පමණ කපා දමා ඇති බවත් එහි දඩ කිරිල්ල, කොහොඹ, තේක්ක වැනි ඉතා පැරණි ශාක තිබෙන බවත් කියා සිටියේය. පසුගිය වසර හතරක කාලය ඇතුළත ගස් 50ක් පමණ කපා දමා ඇති බවත් සභාපතිවරයා චෝදනා කර සිටියි. එසේම තවත් ගස් 31ක් කපා දැමිය යුුතු බවත් විදුහල්පතිවරයා පවසන බව ඔහු කීවේය.
කපා දැමූ ගස්වල ආදායම් පාසලට ලැබී නොමැති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
පොලිස් පැමිණිල්ලක් සමඟ ගස් කපා දැමීම හා කැපූ ගස් ඉවත් කිරීම තාවකාලිකව නවතා දමා ඇත. නමුත් ඉතිරි ගස් සියල්ල කපා දමන බවට විදුහල්පතිවරයා දිගින් දිගටම කියා සිටින බවද ඔහු කියා සිටියේය.
ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලය ස්ථාපනය කළ සමයේ මෙම පාසල පිහිටවූ බවත් ඒ කාලයේදී පැරණි ගස් සියල්ල ඉතිරි කර පාසල සාදා ඇති බවත් ඔහු කියයි. දඩ කිරිල්ල, මාර, කොලොං, නැදුන්, බුරුත වැනි ඉතා වටිනා ශාක විද්‍යාල භූමියේ පවතින බවත් ඔහු කියා සිටියි.
ගස් කපා දැමීම සම්බන්ධව ආදි ශිෂ්‍ය සංගමය පසුගියදා විරෝධතාවක්ද පැවැත්වූහ.