දිනසේන රතුගමගේ –
වවුනියාවේ වක්කකුලම් ප්‍රදේශයේදී වයස අවුරුදු අටක සිසුවෙකුට බරපතල ලෙස ලිංගික අතවරයක් කළ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු වවුනියාව පොලීසිය විසින් ඊයේ (28) අත් අඩංගුවට ගෙන ඇත.
පාසල අවසන් වීමෙන් පසුව සැකකාර සිසුවා අනෙක් සිසුවාව නිවසකට රැගෙන ගොස් මුළු රැයක් පුරාම එම නිවසේ තබා ගෙන සිසුවාට පහර දෙමින් බරපතල ලෙස ලිංගික අතවර සිදු කොට තිබේ.
පාසල් සිසුවා නිවසට නොපැමිණි බව නිවසේ උදවිය වවුනියාව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසියට එම සිසුන් දෙදෙනාම අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
ලිංගික අතවර වලට ලක් වූ සිසුවා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
වවුනියාව පොලීසියේ ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ප්වත්වා ගෙන යයි.