අකුරැස්ස – බංගම – දෙදියගල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිය නෑනාට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ වෙඩි තැබීමෙන් 25 හැවිරිදි කාන්තාවක තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු අදාළ කාන්තාවට වෙඩි තබා ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත..
අකුරැස්ස පොලිසිය විසින් වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.