ලොව ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළයේ සෙන්ටි මීටර් 8 (අඟල් 3) පණුවෙකු ජීවමානව සිටින බව වෛද්‍යවරුන් පවසා තිබේ.
පසුගිය වසරේ කැන්බරා හි පැවති ශල්‍යකර්මයේදී එංගලන්තයේ උපත ලද රෝගියාගේ මොලයෙන් මේ සත්වයා සොයා ගෙන ඇත.
උදර වේදනාව, කැස්ස, රාත්‍රියේ දහඩිය දැමීම සහ පාචනය යන “අසාමාන්‍ය රෝග ලක්ෂණ සමූහයක්” ලෙස රෝග ලක්ෂණ ඉස්මත් වී ඇති අතර අමතක වීම සහ නරක අතට හැරෙන මානසික අවපීඩනය දක්වා මේ තත්ත්වය වර්ධනය වී තිබේ.
රෝගියා 2021 ජනවාරි මස අගදී රෝහලට ඇතුළත් කරන ලදී. පසුව ස්කෑන් පරීක්ෂණයකින් “මොළයේ දකුණු ඉදිරිපස කොටසේ ඇති අසාමාන්‍ය තුවාලයක්” අනාවරණය විය. 2022 ජූනි මාසයේ බයොප්සි පරීක්ෂණයකදී ශල්‍ය වෛද්‍යවරයෙකුගේ පිහියකින් පමණක් ඇයගේ මෙම තත්ත්වයට හේතුව අනාවරණය විය.
රෝගියා මේ වන විට සුවය ලබමින් සිටියි.
ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සහකාර මහාචාර්යවරයෙකු ද වන වෛද්‍ය සේනානායක බීබීසීයට පවසා ඇත්තේ මේ තත්ත්වය අනතුරු ඇඟවීමක් බවයි.
පර්යේෂකයන් අනතුරු අඟවන්නේ සතුන්ගෙන් මිනිසුන්ට රෝග හා ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් මෙම සිදුවීමෙන් ඉස්මතු කරන බවයි.
පසුගිය වසර 30 තුළ නව ආසාදන වර්ග 30 ක් දර්ශනය වී ඇති බව ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම වාර්තා කරන අතර එයින් හතරෙන් තුනක් සතුන්ගෙන් මිනිසුන්ට (zoonotic) පැන ඇති බෝවෙන රෝග බවද කියා සිටියි.