ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය දරන්නේ 1XBET නම් සමාගම ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා තරග සඳහා අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු තබන සමාගමක් බව බීබීසී ය වාර්තා කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළඹෙන ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය දරන සමාගම 1XBET බව පෙරේදා (අගෝ 27) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි.
පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විවාදයේ දී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ, අවසන් වූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී ක්‍රිප්ටෝකරන්සි ඇතුළු ඔට්ටු තැබීමේ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව ය.
කෙසේ වෙතත් සමස්ථ ආසියානු කුසලාන තරගාවලියේම නිල අනුග්‍රහය ලබාගෙන ඇත්තේ පසුගිය දා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජයග්රාහි කණ්ඩායම වූ B-Love කැන්ඩි කණ්ඩායමේ හිමිකරුවන ඕමාර් ඛන්නාට අයත් super11 සමාගමය.
ඩුබායිහි වෙසෙන ඕමාර් ඛන්නා, ක්‍රිප්ටෝකරන්සි ව්‍යාපාරයක් වන B- Love සමාගමේ හිමිකාරිත්වය දරනු ලබයි. මේ ව්‍යාපාරය ලංකාවේ තහනම් ජාවාරමක් බව අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය.