ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ දී සිදුවිය.
මෙහිදී ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.
ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් මෙම හමුව සඳහා එහි සභාපති අර්නස්ට් ඇන්ඩ් යන්ග් ආයතනයේ දේශීය කළමනාකාර හවුල්කරු දුමින්ද හුලංගමුව, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ බිඟුමාල් තෙවරතන්ත්‍රී, ඩයලෝග් ආසියාටාහි ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ, ඇඩ්වකාටා ආයතනයේ සභාපති මුටාසා ජැෆර්ජි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත, ජාතික විධායක සභික චතුරංග අබේසිංහ, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික ඉංජිනේරු කුමාර ජයකොඩි ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ







