හිටපු යුද හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට ගත හැකි නම් ගෝඨාභය රාජපක්ෂත් ඒ සඳහා සුදුසු බැවින් ඔහුටත් ආරාධනා කිරීම සුදුසු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශය සමගි ජන බලවේගය තුළ දැඩි විසංවාදයක් ඇති කර ඇතැයි වාර්තා වේ.
ජෙනරල් දයා රත්නායක සමගි ජන බලවේගයට එක් වීම ජෙනරාල් සරත් ෆොන්සේකාගේ දැඩි විරෝධයට හේතු වී ඇති බැවින් ද ඔහු දයා රත්නායකව ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටින බැවින් ද තත්ත්වය තවත් තීව්‍ර වී ඇතැයි සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ පැවති විරෝධතා පෙළපාළිය අතරතුර ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යූ ටියුබ් නාලිකාවකට ප්‍රකාශයක් ලබා දෙමින් මෙසේ කීවේය.
ඊයේ දැක්කා හමුදාපති කෙනෙක් එකතු වෙලා තියනවා. මේවා මං කියන්න ලැජ්ජා නෑ. මම මේක ඊයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කෝල් එකක් දීලා මේක මෙහෙම්ම කිව්වා.
එයා තමයි මම 2010 අත් අඩංගුවට ගත්තම මාව නාවික හමුදාවෙ හිර කරලා තියනකොට මට විරුද්දව චෝදනා පත්‍ර නගන්න අවශ්‍ය සාක්ෂි සම්පින්ඩනය කළේ මෙයා තමයි. ඒ කරලා චෝදනා හැදුවෙ මෙයා තමයි. ඒක නිසා එයා ජෙනරල්ලා 25 දෙනෙකුට වඩා උඩට ගෙනත් එයා හමුදාවේ දෙවැනියා කළා. ඒ කරපු වැඩේ නිසා.
එහෙම කරලා තමයි හමුදාපති කළේ. එදා ඉඳලා ගෝඨාභයත් එක්ක වරායෙ හිටියා. ඊට පස්සේ ලේකම් කෙනෙක් වෙලා හිටියා.
අන්තිමට ගෝඨාභය ගෙදර ගියාම දැන් මෙයා ගෝඨාභයගෙ දකුණු අත. මෙයා ගන්නවා නම් ඊලඟට ගෝඨාභයත් ගන්න පුලුවන් අපට.







