ඇෆ්ගනිස්ථානයට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කර තිබේ.
කණ්ඩායමේ නායකත්වය දරන්නේ ධනංජය ද සිල්වා විසිනි. කුසල් මෙන්ඩිස්ට උප නායකත්වය හිමි වී තිබේ. හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද සංචිතයට නම් කර ඇත.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේය.
ධනංජය ද සිල්වා ( නායක), කුසල් මෙන්ඩිස් ( උප නායක), දිමුත් කරුණාරත්න, නිශාන් මධුශ්ක, ඈන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ලහිරු උදාර, චාමික ගුණසේකර, මිලාන් රත්නායක.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ටෙස්ට් තරග 1කින් ද, එක්දින ජාත්‍යාන්තර තරග 3කින ද, විස්සයි 20 තරග 03කින් ද සමන්විතය. ටෙස්ට් තරගය පෙබරවාරි 02 දා එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වේ.







