දිනසේන රතුගමගේ –
රජයේ දැණුම්දීමක් මත ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීම නාවික හමුදාව විසින් නතර කිරීමක් හෝ සීමා කිරීමක් සිදු කොට නොමැති බව උතුරු නාවික විධානයේ නිලධාරින් 30 දා පැවසූහ.
ඉන්දියාව හා ශ්රී ලංකාව අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වයක් නිසා මින් ඉදිරියට නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට නොගන්නා බවට උතුරේ එක්සත් ධීවරයින්ගේ සංගමය හා තවත් ධීවර සංගම් කීපයක් විසින් සිදු කොට ඇති ප්රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උතුරු නාවික විධානය මේ බව පැවසීය.
උතුරේ නාවික හමුදා නිලධාරීන් පවසන්නේ ඉන්දීය ධීවරයින්ගේ ටෝලර් යාත්රා උතුරු මුහුදු සීමාවට පැමිණෙන නමුත් නාවික හමුදාව ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට යන අවස්ථාවලදී ඔවුන් උතුරු මුහුදු සීමාවෙන් ඉන්දීය මුහුදු සීමාවට ගමන් කරණ බවයි.
උතුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කරනු ලබන සෝදීසි මෙහෙයුම් හා අනවසර ධීවරයින් අත් අඩංගුවට ගැනීම් කිසිසේත් සීමා නොකරණ බවද උතුරු නාවික විධානයේ නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.