මනම්පිටිය නිමල් ජයරත්න –
ඓතිහාසික දිඹුලාගල කඳුවැටියෙන් හමුවූ විශාලතම සෙල්ලිපිය නැරඹීමට අවශ්‍ය නම් අනන්‍යතාවය සහතික කර නැරඹිය හැකි නමුත් සෙල්ලිපියේ ආරක්ෂාව සඳහා සවස් කාලයේ එය නැරඹීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.ජී.රත්නපාල කීවේය.
සෙල් ලිපියෙන් කියවෙන කරුණු කියවා පරිවර්තනය කිරීමට තව සති කීපයක් ගතවනු ඇති බව පැවසූ සහකාර අධ්‍යක්ෂවරයා පිටපත් කිරීම් අවසන් වුවද එය කියැවීමේ කටයුතු සිදුවන්නේ කොළඹ අභිලේඛන අංශය බව පෙන්වා දුනනේය.
ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් හමුවූ මෙම සෙල්ලිපිය සැප්තැම්බර් 26 වෙනිදා සිට දින 12 කට ආසන්න කාලයක් තුළදී නිලධාරීන් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් රාජකාරි කිරීමෙන පිටපත් කිරීමේ කටයුතු කර අවසන් කළහ.
මී කැඩීමට ගිය තරුණයන් දෙදෙනෙකු විසින් දැක අනතුරුව ඒ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දිඹුලාගල නාමල්පොකුණ කාර්යාලයේ නිලධාරීන්ට දැන්වීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධ ශාස්ත්‍රීය හෙළිදරව් කරගැනීම සිදුවිය.
දිඹුලාගලින් හමු වූ ශ්‍රි ලංකාවේ විශාලතම සෙල්ලිපිය පිළිබඳ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ හා විවිධ අයවලුන් වැරදි ප්‍රචාර හා අර්ථ කථන සිදු කරන බවත්, දිඹුලාගල කඳු වැටියෙන් හමුවූ එම විශාලතම සෙල්ලිපියේ සියලු තොරතුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාධ්‍ය මගින් හෙළි කරනු ඇති බවත් න ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ කීහ.
ඉන් අනතුරුව විශාලතම කාර්යභාරය වන එය ආරක්ෂා කිරීම, තෙමීම වැලැක්වීමට පියස්සක් සැකසීම, විදුලි සම්බන්ධතා ලබාදීම, මාර්ගයක් සැකසීම ඇතුළු යටිතල පහසුකම් සැලසීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට සැලසුම් කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය. .
සෙල්ලිපිය ආරක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක සේවයක් ද සැලසුම් කර තිබේ.