බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුදහන් වෙලා තියෙන්නේ තෙල් බවුසර පිටින්… මිල්කෝ ආයතනය තුළ අවුරුදු 08ක කාලයක් පවත්වාගෙන ගිය කෝටි ගණනක ඉන්ධන වංචාවක් හෙළි වෙයි…

by editor
නොවැම්බර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත්  චාමින්ද –

ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් මිල්කෝ ආයතනයට අයත්  අඹේවල කර්මාන්තශාලාව සඳහා  ඉකුත් වසර අට  තුළදි (2015 වර්ෂයේ සිටි 2022 අගෝස්තු31 දක්වා)  නිකුත්කරනු ලැබු  රුපියල් එක්කෝටි හැත්තෑදෙලක්ෂ ,නව දහස් හාරසිය හැටහතක් වටිනා (17,209,467) ඩිසල් ලීටර් 165,300ක් මිල්කෝ ආයතනයේ කර්මාන්තශාලවේ තෙල් ටැංකිවලට  ගොඩබැමේ කටයුතු සිදුවි නොමැති බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

එමෙන්ම ඉකුත් වසර හය තුළදි (2017 වර්ෂයේ සිට 2022 අගෝස්තු 31 දක්වා)  රුපියල් 9,364,835ක් වටිනා ඩිසල් ලිටර් 92400 රැගත්  බවුසර් රථ 14ක් කර්මාන්තශාලාව වෙත  පැමිණ නොතිබු අතර එම ඉන්ධන සඳහා ගෙවිම්කර තිබුණි.

ඇතැම් තොග  සම්බන්ධයෙන්  ඉන්වොයිස්වල දැක්වෙන අත්සන්  ආරක්ෂණ අංශයේ නිලධාරින්ගේ අත්සන් හා  නොසැසදෙන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඉන්ධන තොග ලැබිමේ ආරක්ෂක අංශයේ ලේඛණ පරික්ෂාවේ දි මෙම තොරතුරු අනාවරණය වි ඇත.

එමෙන්ම  අඹේවල කිරි කර්මාන්තශාලාවේ  විදුලි ජනක යන්ත්‍රය සදහා ටැංකිවලින්  ඩීසල් නිකුත්කිරිමේ දි  ඩිසල් ලිටර් 58703 ප්‍රමාණයක් අස්ථානගතවි ඇති බවද විගණනයේ දි අනාවරණය වි ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අඹේවල කිරි කර්මාන්තශාලාවේ  ඉන්ධන මිලදි ගැනිමේ දි හා නිකුත් කිරිමේ දි  සිදුවි ඇති වංචාවන් අනුව  එහි අභ්‍යන්තර පාලනය  ඉතා දුර්වල මට්ටමක ඇති බව නිරික්ෂණය වන  බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඉන්ධන අක්‍රමිකතාවයන්ට සම්බන්ද පාර්ශවයන් සඳහා විනයානුකුලව පියවරගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මේ පිළිබද මිල්කෝ සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  ඩීසල් තොග අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන්  අභ්‍යයන්තර විගණන අංශය විසින් පුර්ණ විගණන පරික්ෂණයක් සිදුකළ බවය.

එම වාර්තාව මගින් හෙළිවු කරුණු අනුව  මේ සඳහා වගකිවයුතු නිලධාරින්ගේ වැඩතහනම් කොට  ඉදිරි විනය පරික්ෂණ සිදුකරමින් පවතින බවය.

මේ සම්බන්දයෙන් අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව මගින්ද පරික්ෂණ කටයුතු සිදුකරමින් පවතින බව සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩ බලන පොලිස්පති  දේශබන්දු…. අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි!

Next Post

ලංකාවේ විශාලතම ඉපැරනි සෙල් ලිපිය නැරඹීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සීමිත අවසරයක්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.